ඔයාලට අයෙ අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැ කොළඹ මොන වගේද ටික කාලෙකට කලින් තිබුනේ කියල. හරිම අවිදිමත් නගරයක් විදියට තමා කොළඹ ඉස්සර තිබුනේ. හැබැයි දැන් ටික දවසක ඉදල කොළඹ ලස්සන වෙන්න පටන් අරන්. ගොඩක් තැන වල වෙනස්කම් දකින්න පුළුවන්, ඇත්තටම මට ඒවා දකිනකොට ටිකක් සතුටු හිතුන නිසා තමයි මම මේක ලියන්නේ. හැබැයි ඒ එක්කම කියන්න ඕනේ සමහර තැන වල නං ඉතින් වැඩේ බාගෙට කරලත් තිබුන. කොහොම උනත් ඉතින් අපේ රට ලස්සන වෙනවා නං අපි සතුටු වෙන්න ඕනේ, ඒවගේම මේ කරන දේවල් වල පිළිවෙලක් සැලැස්මක් තිබුනොත් වඩාත් හොදයි කියල හිතෙනවා. මොකද මම එක තැනක දැක්ක ලස්සනට හදපු පර කඩල මොකද්ද එකක් යටින් දාල අයෙ උඩින් තාර දාල තියෙනවා. කඩල උඩින් තාර දැම්මට වැඩක් නැනේ එතන ඉක්මනට කැඩෙනවා නේ ඉතින්. පාර හදන්න කලින් ඔය වැඩේ කලා නං කොච්චර හොදද කියල මට හිතුනේ එකයි. කොහොම හරි මට ලස්සන රුප වගයක් ඇවිත් තිබුන කොළඹ නගරයේ, ඒ තිකත් මම මෙතන දානවා. කොහොම කොහොම හරි ඉතින් අපේ රටත් දියුණු වෙනවා නං කාටද ආඩම්බර.
අලුත් විදියකට හිතන්න පුරුදුවෙන ලංකාවේ පොරක් ලියන සිංහල බ්ලොග් එකක් තමි මේක. හැබැයි ඉතින් පොරක් කිව්වේ නිකන් කටට එනවට !!!
Monday, September 5, 2011
ඇයි ඔයා ඔච්චර ලස්සන..?
මේ කතාව මම ලියපු කතාවක් නෙමේ, හැබැයි අපි හැමෝටම ගන්න දෙයක් තියෙන නිසා තමි මම මේක දන්නේ. හැබැයි මම දන්නේ නැ මේ කතාව ඇත්තටම ලිවුවේ කුඩා කියල, මේක මට ආව e-mail එකක්. කවුරු හරි දන්නවන් මේක ලියපු කෙනා මට කියන්න මම කැමතියි මෙතන දන්නා. කොහොම උනත් කතාව ඇත්ත කියල හිතුන නිසා තමයි මම දන්නා තීරණය කලේ. ඔන්න කතාව මේකයි.
අපි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ.
අපි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ.
ආදරය
සසල දිවියට අරුණැල්ල විලසින් සපැමිණි නුඹ..
අද මගේ දිවියට සෙනෙහෙබර හිරු වෙලා..
විඩාබර හදවතට සුමුදු සඳවත වෙලා..
සතුට පිරි හදවතින් නෙතඟ පිරි කඳුලූ බිඳු..
ගලාවිත් මුහුණතට මටත් නොදැනිම..
පතන්නම් හැමදාම හිමිවන ලෙසට නුඹ මා හටම.............
අද මගේ දිවියට සෙනෙහෙබර හිරු වෙලා..
විඩාබර හදවතට සුමුදු සඳවත වෙලා..
සතුට පිරි හදවතින් නෙතඟ පිරි කඳුලූ බිඳු..
ගලාවිත් මුහුණතට මටත් නොදැනිම..
පතන්නම් හැමදාම හිමිවන ලෙසට නුඹ මා හටම.............
Sunday, September 4, 2011
දියමන්ති ග්‍රහලොවක්
නවතම වාර්තා වලට අනුව තාරක විද්‍යාක්නයින් දියමන්ති ග්‍රහලොවක් ගැන අනාවැකි පල කර තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා තාරකාවක් වට වේගයෙන් බ්‍රමණය වන දියමන්ති වලින් සැකසී ඇති බව කියන කුඩා ග්‍රහලොවක් සම්බන්දයෙන් මෙම අනාවැකිය පල වී තිබෙනවා. පෘතුවියේ සිට ආලෝක වර්ෂ 4000 පමණ දුරින් මෙම ග්‍රහලොව පිහිට ඇති බවට විස්වාසය පල වෙනවා. එම ග්‍රහ තාරකාව නියුට්‍රෝන තාරකාවක් වටා වේගයෙන් බ්‍රමණය වෙමින් පවතින බව වැඩි දුරටත් විස්වාස කෙරේ. එය නිර්මාණය වී ඇති ඝන කාබන් දියමන්ති ලෙසට පවතින බවට අනුමාන කෙරේ.
මෙම සොයාගැනීම සම්බන්දයෙන් පලවී ඇති කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම අනුමාන කිරීම එක් වරම ඉවත දැමිය නොහැකි අතර මෙම මතය සනාථ කිරීමද එතරම් පහසු නොවනු ඇති බව විද්වත් මතය වී ඇත. දියමන්ති තරමක් මිල අධික වටිනා ද්‍රව්‍යයක් උවත් එය සම්පුර්ණයෙන්ම සැදී ඇත්තේ කාබන් අනුවල පිහිටීමක් අනුවය. විද්‍යාගාර තුල කාබන් භාවිත කර දියමන්ති සැදිය හැකි උවද ස්වාභාවිකව කැනීම් කර ලබා ගැනීම ලාබදායි ක්‍රමය වී ඇත.
Friday, September 2, 2011
දියවැඩියාව නව අරුතක්
ඉස්සෙල්ලම කියන්න ඕනේ මම දොස්තර කෙනෙක් නං නෙමේ. හැබැයි අපි දියවැඩියාව ගැන හිතන විදිය පොඩ්ඩක් වෙනස් කර ගන්න උදවු වෙයි කියල හිතෙන කතාවක් තමයි මම මේ කියන්න යන්නේ. ඇත්තටම මොකද්ද මේ දියවැඩියාව කියන්නේ? එක ලෙඩක්ද? මම හිතන විදියට නං එක ලෙඩක් නෙමෙයි. අයි මම එහෙම කියන්නේ, එකට හේතු මම එකින් එක පැහැදිලි කරන්නන්. මුලින්ම කියන්න ඕනේ දියවැඩියාවට තාම බේතක් හරියට නැ, තියෙන බේත් වලින් කරන්නේ පාලනය කරන එක විතරයි. අයි මේකට බේත් නැත්තේ, මම කියන්නේ එහෙම වෙන්නේ දියවැඩියාව ලෙඩක් නොවෙන නිසා. එතකොට බේත් නැති ඔක්කොම ලෙඩ, ලෙඩ නෙමෙයි ද? පොඩ්ඩක් ඉන්න මම කියල ඉවර නැනේ. එහෙම නෙමෙයි අපි පොඩ්ඩක් හිතුවොත් දියවදියාවේ ලක්ෂණ ගැන ඔයාලටම තේරෙයි එක කිසිම හැඩයක් නැති එකක් කියල.
Thursday, September 1, 2011
ආයුබෝවන් !!!
මුලින්ම මගේ අලුත් බ්ලොග් සිතේ එකට අවට මම ඔයාලට තැන්ක්ස් කරන්න ඕනේ. මේක මගේ සිංහලෙන් ලියන පලවෙනි බ්ලොග් සිතේ එක. මේක කියවල සුද්දෙක් සිංහලෙන් බ්ලොග් එකක් හදල කියල නං කියන්න එපා, මොකද ඉතින් මගේ සිංහල දැනුම එච්චර හොදියි. ඒ කියන්නේ මට මේ එන්ග්ලිෂ් ටිකක් ඉගෙන ගත්තම සිංහල ලියන්න කියවන්න දිව හැරෙන නැ කියන එක නෙමේ ඔය සමහර පොස් අයට වගේ. මම කිව්වේ ඉතින් ඔය සිංහල මහප්රාණ දන්නේ නැ කියන එක තමා. ඒ උනාට ඉතින් හැමෝටම තේරෙන සිංහලෙන් මගේ අදහස් ටික මේකේ ලියන්න කියල තම හිතන් ඉන්නේ. මොනවහරි අවුලක් එහෙම තිබුනොත් ඉතින් හිමිට පෙන්නලා දුන්නට කිසිම වැරද්දක් නැ. මම මේකේ ලියන්නේ මට හිතෙන දේවල්, ඒවා හරි කියල හැමදිස්සෙම මම කියන්නේ නැ. හැබැයි මට හිතෙන දේ හිතෙන විදියට ලියන්න තමි මම බලාපොරොත්තු වෙන්නේ, කාගෙවත් අදහස් වලට යට නොවී. හැබැයි ඉතින් ඕන කෙනෙකුට ඒවා ගැන අදහස් ලියන්නත් මම ඉඩ තියල තියෙනවා.
එහෙනං ඉතින් අපි පටන් ගමු.
එහෙනං ඉතින් අපි පටන් ගමු.
Subscribe to:
Comments (Atom)



