Showing posts with label Business. Show all posts
Showing posts with label Business. Show all posts

Sunday, September 4, 2011

දියමන්ති ග්‍රහලොවක්

නවතම වාර්තා වලට අනුව තාරක විද්‍යාක්නයින් දියමන්ති ග්‍රහලොවක් ගැන අනාවැකි පල කර තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා තාරකාවක් වට වේගයෙන් බ්‍රමණය වන දියමන්ති වලින් සැකසී ඇති බව කියන කුඩා ග්‍රහලොවක් සම්බන්දයෙන් මෙම අනාවැකිය පල වී තිබෙනවා. පෘතුවියේ සිට ආලෝක වර්ෂ 4000 පමණ දුරින් මෙම ග්‍රහලොව පිහිට ඇති බවට විස්වාසය පල වෙනවා. එම ග්‍රහ තාරකාව නියුට්‍රෝන තාරකාවක් වටා වේගයෙන් බ්‍රමණය වෙමින් පවතින බව වැඩි දුරටත් විස්වාස කෙරේ. එය නිර්මාණය වී ඇති ඝන කාබන් දියමන්ති ලෙසට පවතින බවට අනුමාන කෙරේ.
මෙම සොයාගැනීම සම්බන්දයෙන් පලවී ඇති කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම අනුමාන කිරීම එක් වරම ඉවත දැමිය නොහැකි අතර මෙම මතය සනාථ කිරීමද එතරම් පහසු නොවනු ඇති බව විද්වත් මතය වී ඇත. දියමන්ති තරමක් මිල අධික වටිනා ද්‍රව්‍යයක් උවත් එය සම්පුර්ණයෙන්ම සැදී ඇත්තේ කාබන් අනුවල පිහිටීමක් අනුවය. විද්‍යාගාර තුල කාබන් භාවිත කර දියමන්ති සැදිය හැකි උවද ස්වාභාවිකව කැනීම් කර ලබා ගැනීම ලාබදායි ක්‍රමය වී ඇත.
Related Posts Plugin for WordPress, Blogger...