අද මාතෘකාව දැක්කම නං එක පාරට හිතා ගන්න බැරුව ඇති මම මොකද්ද අද කතා කරන්න යන්නේ කියල. මේකෙනුත් ඉතින් කතා කරන්න හදන්නේ අපි අපි ගැනම තමා. වැරදියට හිතන්න එපා මම මේ කාටවත් දොස් කියවන එහෙම නෙමේ, මගේ අදහස තමා මෙතන ලියල තියෙන්නේ ඉතින් තරහ නැතුව පොඩ්ඩක් ඒ ගැන හිතල බලමු. මම අද ඇත්තටම කතා කරන්නේ අවිහිංසාවාදය ගැන. අපේ අය අතෙරේ ඉතින් එක එක වාද තියෙනවා නේ, එය අතරින් තවත් එක වාදයක් තමයි ඔය අවිහිංසාවද. අයි මට අද අවිහිංසාවාදය ගැන කතා කරන්න හිතුනේ? මේකයි ඇත්තටම මම එච්චර කැමති නෑ සත්තු මරනවට, හැබැයි මම අද කතා කරන්න යන්නේ ඇත්තටම අපිට සත්තු මරණ නැතුව අපේ ජීවිතය ගෙනියන්න බැරිද කියන එක ගැනයි. මොකද මම අහල තියෙනවා ගොඩක් අය කතා කරනවා නිර්මාන්ෂවෙලා ජීවිතේ ගෙවන්න බැ, නිරෝගී ජීවිතයක් ගෙවන්න ඕනේ නං මාංශ කොටස් අපේ ආහාරයට ගැනීම අනිවාර්යයි කියල. මේ කතාවේ තියෙන්න ඇත්ත නැත්ත පොඩ්ඩක් වෙනස් විදියකට කතා කරන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ.
අලුත් විදියකට හිතන්න පුරුදුවෙන ලංකාවේ පොරක් ලියන සිංහල බ්ලොග් එකක් තමි මේක. හැබැයි ඉතින් පොරක් කිව්වේ නිකන් කටට එනවට !!!
Showing posts with label Diabetic. Show all posts
Showing posts with label Diabetic. Show all posts
Thursday, September 15, 2011
Friday, September 2, 2011
දියවැඩියාව නව අරුතක්
ඉස්සෙල්ලම කියන්න ඕනේ මම දොස්තර කෙනෙක් නං නෙමේ. හැබැයි අපි දියවැඩියාව ගැන හිතන විදිය පොඩ්ඩක් වෙනස් කර ගන්න උදවු වෙයි කියල හිතෙන කතාවක් තමයි මම මේ කියන්න යන්නේ. ඇත්තටම මොකද්ද මේ දියවැඩියාව කියන්නේ? එක ලෙඩක්ද? මම හිතන විදියට නං එක ලෙඩක් නෙමෙයි. අයි මම එහෙම කියන්නේ, එකට හේතු මම එකින් එක පැහැදිලි කරන්නන්. මුලින්ම කියන්න ඕනේ දියවැඩියාවට තාම බේතක් හරියට නැ, තියෙන බේත් වලින් කරන්නේ පාලනය කරන එක විතරයි. අයි මේකට බේත් නැත්තේ, මම කියන්නේ එහෙම වෙන්නේ දියවැඩියාව ලෙඩක් නොවෙන නිසා. එතකොට බේත් නැති ඔක්කොම ලෙඩ, ලෙඩ නෙමෙයි ද? පොඩ්ඩක් ඉන්න මම කියල ඉවර නැනේ. එහෙම නෙමෙයි අපි පොඩ්ඩක් හිතුවොත් දියවදියාවේ ලක්ෂණ ගැන ඔයාලටම තේරෙයි එක කිසිම හැඩයක් නැති එකක් කියල.
Subscribe to:
Posts (Atom)