Showing posts with label ලස්සන කොළඹ. Show all posts
Showing posts with label ලස්සන කොළඹ. Show all posts

Monday, September 5, 2011

ලස්සන කොළඹ

ඔයාලට අයෙ අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැ කොළඹ මොන වගේද ටික කාලෙකට කලින් තිබුනේ කියල. හරිම අවිදිමත් නගරයක් විදියට තමා කොළඹ ඉස්සර තිබුනේ. හැබැයි දැන් ටික දවසක ඉදල කොළඹ ලස්සන වෙන්න පටන් අරන්. ගොඩක් තැන වල වෙනස්කම් දකින්න පුළුවන්, ඇත්තටම මට ඒවා දකිනකොට ටිකක් සතුටු හිතුන නිසා තමයි මම මේක ලියන්නේ. හැබැයි ඒ එක්කම කියන්න ඕනේ සමහර තැන වල නං ඉතින් වැඩේ බාගෙට කරලත් තිබුන. කොහොම උනත් ඉතින් අපේ රට ලස්සන වෙනවා නං අපි සතුටු වෙන්න ඕනේ, ඒවගේම මේ කරන දේවල් වල පිළිවෙලක් සැලැස්මක් තිබුනොත් වඩාත් හොදයි කියල හිතෙනවා. මොකද මම එක තැනක දැක්ක ලස්සනට හදපු පර කඩල මොකද්ද එකක් යටින් දාල අයෙ උඩින් තාර දාල තියෙනවා. කඩල උඩින් තාර දැම්මට වැඩක් නැනේ එතන ඉක්මනට කැඩෙනවා නේ ඉතින්. පාර හදන්න කලින් ඔය වැඩේ කලා නං කොච්චර හොදද කියල මට හිතුනේ එකයි. කොහොම හරි මට ලස්සන රුප වගයක් ඇවිත් තිබුන කොළඹ නගරයේ, ඒ තිකත් මම මෙතන දානවා. කොහොම කොහොම හරි ඉතින් අපේ රටත් දියුණු වෙනවා නං කාටද ආඩම්බර.


Related Posts Plugin for WordPress, Blogger...