Thursday, September 15, 2011

අසිරිමත් සම්බුදු සිරිත

මට හම්බ උන ඉතාම ලස්සන පින්තුර ටිකක්  දාන්න තමයි මේ සුදානම් වෙන්නේ. මේක අපේ බෝදිසත්වයන් වහන්සේගේ හා බුදුන්වහන්සේගේ ජීවිතයේ යම් යම් 
අවස්ථාවන් අලලා නිර්මාණය වෙච්ච පින්තුර පෙළක්. සමාවෙන්න ඕනේ මම හරියටම දන්නේ නෑ මේ පින්තුර නිර්මාණය කලේ කවුද කියල. එත් මම හිතනවා ඔය අන්තිම පින්තුරේ සදහන් වෙලා තියෙන නම වෙන්න ඕනේ මේ පින්තුර වල සබැ හිමිකරුවා. කවුරු හරි දන්නවා නං මෙහි හිමිකරුවා මාව දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. නමුත් මම හිතනවා මේ පින්තුර ඇදල තියෙන කෙනා බොහොම සද්දාවෙන් එක කරලා තියෙන්නේ, එයාගේ හිතේ ඇතිවුන ඒ හැගීම තවත් කෙනෙකුගේ හිතේ ඇතිකරන්න පුංචි උත්සහයක් හරි දරන්න වෙන්න ඕනේ. ඒක නිසා මේ පින්තුර මෙතන දැමීම ගැන මම වරදක් දකින්නේ නෑ. කොහොම හරි මෙහි ගෞරවය ඇදල නිර්මාපකයටම ලැබිය යුතුය. 


තිරිසන් ලේ සහ රාජ ලේ (Animal Blood and King Blood)

අද මාතෘකාව දැක්කම නං එක පාරට හිතා ගන්න බැරුව ඇති මම මොකද්ද අද කතා කරන්න යන්නේ කියල. මේකෙනුත් ඉතින් කතා කරන්න හදන්නේ අපි අපි ගැනම තමා. වැරදියට හිතන්න එපා මම මේ කාටවත් දොස් කියවන එහෙම නෙමේ, මගේ අදහස තමා මෙතන ලියල තියෙන්නේ ඉතින් තරහ නැතුව පොඩ්ඩක් ඒ ගැන හිතල බලමු. මම අද ඇත්තටම කතා කරන්නේ අවිහිංසාවාදය ගැන. අපේ අය අතෙරේ ඉතින් එක එක වාද තියෙනවා නේ, එය අතරින් තවත් එක වාදයක් තමයි ඔය අවිහිංසාවද. අයි මට අද අවිහිංසාවාදය ගැන කතා කරන්න හිතුනේ? මේකයි ඇත්තටම මම එච්චර කැමති නෑ සත්තු මරනවට, හැබැයි මම අද කතා කරන්න යන්නේ ඇත්තටම අපිට සත්තු මරණ නැතුව අපේ ජීවිතය ගෙනියන්න බැරිද කියන එක ගැනයි. මොකද මම අහල තියෙනවා ගොඩක් අය කතා කරනවා නිර්මාන්ෂවෙලා ජීවිතේ ගෙවන්න බැ, නිරෝගී ජීවිතයක් ගෙවන්න ඕනේ නං මාංශ කොටස් අපේ ආහාරයට ගැනීම අනිවාර්යයි කියල.  මේ කතාවේ තියෙන්න ඇත්ත නැත්ත පොඩ්ඩක් වෙනස් විදියකට කතා කරන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ.

Monday, September 12, 2011

මොළය සහ මතකය

"මොළය සහ මතකය" යන මැයෙන් මට ලිපියක් ලියන්න අදහසක් පහල උනේ අද මට අහන්න ලැබුන දෙයක් නිසා. අද අපේ ආයතනයේ තිබුන පොඩි දේශනයක්. එකේදී ටිකක් කතා උනේ මොළය සහ මතකය ගැන පොඩි පොඩි කරනා ටිකක්. හැබැයි අන්තිමට මට හිතුන ඒවා පොඩි පොඩි කරනා ටිකක් උනාට ඒවායේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා කියල. මම මුළු දේශනයම මෙතන ලියන්න යන්නේ නැ. වැදගත් කියල හිතෙන දේවල් ටිකක් විතරයි කියන්න හදන්නේ. හැබැයි ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රස්නයක් එහෙම තියෙනවනන් අහන්න මම හොයල බලලා උත්තරයක් දෙන්න බලන්නන්. ඉතින් මේ දේශයනේ සාරාංශය මෙහෙමයි. අපේ මොළය තමයි අපේ අගේ තියෙන වැදගත්ම අංගය විදියට අපිට සලකන්න පුළුවන්. මොකට මොළයෙන් තමයි අපේ අනෙක් හැම අවයවයක්ම

Monday, September 5, 2011

වැඩකාරයා සහ ජෝගින් යාම

මට මේක ලියන්න හිතුනේ ඊයේ මම දැකපු දෙයක් නිසා. නම් ගම් ලියන්න ඕනේ නැ මම කතාව විතරක් කියන්නන් කෝ. අපි කොච්චර දේවල් කරනවද අපේ සෞඛ්‍යය රැක ගන්න. සමහරු කෑම පාලනය කරනවා, සමහරු ව්‍යායාම කරනවා, තව කට්ටිය එක එක බේත් ගන්නවා, ඕවගේ එක එක දේවල්. ඉතින් ඊයේ මම දැක්ක සැහෙන පොස් මහත්තයෙක් සහ නෝනා කෙනෙක් ඔය පර්ලිමෙන්ට් ග්‍රවුන්ඩ් එක කිට්ටුව ජෝගින්ග් කරනවා. ඉතින් මමත් ඒ කට්ටිය ටිකක අදුරන නිසා පොඩ්ඩක් ඉදල කතා කරලා එහෙම තම ගියේ. ඉතින් ඔහොම කතා කරන කොට තම කිවුවේ එයාල ජෝගින්ග් එන හේතුව. අනේ නැති

ලස්සන කොළඹ

ඔයාලට අයෙ අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැ කොළඹ මොන වගේද ටික කාලෙකට කලින් තිබුනේ කියල. හරිම අවිදිමත් නගරයක් විදියට තමා කොළඹ ඉස්සර තිබුනේ. හැබැයි දැන් ටික දවසක ඉදල කොළඹ ලස්සන වෙන්න පටන් අරන්. ගොඩක් තැන වල වෙනස්කම් දකින්න පුළුවන්, ඇත්තටම මට ඒවා දකිනකොට ටිකක් සතුටු හිතුන නිසා තමයි මම මේක ලියන්නේ. හැබැයි ඒ එක්කම කියන්න ඕනේ සමහර තැන වල නං ඉතින් වැඩේ බාගෙට කරලත් තිබුන. කොහොම උනත් ඉතින් අපේ රට ලස්සන වෙනවා නං අපි සතුටු වෙන්න ඕනේ, ඒවගේම මේ කරන දේවල් වල පිළිවෙලක් සැලැස්මක් තිබුනොත් වඩාත් හොදයි කියල හිතෙනවා. මොකද මම එක තැනක දැක්ක ලස්සනට හදපු පර කඩල මොකද්ද එකක් යටින් දාල අයෙ උඩින් තාර දාල තියෙනවා. කඩල උඩින් තාර දැම්මට වැඩක් නැනේ එතන ඉක්මනට කැඩෙනවා නේ ඉතින්. පාර හදන්න කලින් ඔය වැඩේ කලා නං කොච්චර හොදද කියල මට හිතුනේ එකයි. කොහොම හරි මට ලස්සන රුප වගයක් ඇවිත් තිබුන කොළඹ නගරයේ, ඒ තිකත් මම මෙතන දානවා. කොහොම කොහොම හරි ඉතින් අපේ රටත් දියුණු වෙනවා නං කාටද ආඩම්බර.


ඇයි ඔයා ඔච්චර ලස්සන..?

මේ කතාව මම ලියපු කතාවක් නෙමේ, හැබැයි අපි හැමෝටම ගන්න දෙයක් තියෙන නිසා තමි මම මේක දන්නේ. හැබැයි මම දන්නේ නැ මේ කතාව ඇත්තටම ලිවුවේ කුඩා කියල, මේක මට ආව e-mail එකක්. කවුරු හරි දන්නවන් මේක ලියපු කෙනා මට කියන්න මම කැමතියි මෙතන දන්නා. කොහොම උනත් කතාව ඇත්ත කියල හිතුන නිසා තමයි මම දන්නා තීරණය කලේ. ඔන්න කතාව මේකයි.


අපි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ.

ආදරය

සසල දිවියට අරුණැල්ල විලසින් සපැමිණි නුඹ..
අද මගේ දිවියට සෙනෙහෙබර හිරු වෙලා..
විඩාබර හදවතට සුමුදු සඳවත වෙලා..
සතුට පිරි හදවතින් නෙතඟ පිරි කඳුලූ බිඳු..
ගලාවිත් මුහුණතට මටත් නොදැනිම..
පතන්නම් හැමදාම හිමිවන ලෙසට නුඹ මා හටම.............
Related Posts Plugin for WordPress, Blogger...