අද මම ඒකටම අදාල තවත් කරුණු ටිකක් කියන්න තමයි යන්නේ. අපි එදා කතා කලා මොලය කොහොමද හැදිලා තියෙන්නේ, මොලය කොහොමද යමක් තේරුම් ගන්නේ, යමක් මතක තියා ගන්නේ වගේ කරුණු. ඒවාගේම මම කිවුව කොහොමද අපි සම්පුර්ණ මොලයෙන්ම වැඩ ගන්නේ, කොහොමද මොලයේ හැකියාව දියුණු කරන්නේ වගේ කරන ගැනත්. ඉතින් අද මම කතා කරන්න යන්නේ තවත් වැදගත් ක්‍රමයක් ගැන අපේ මොලයෙන් හොදට වැඩ ගන්න පුළුවන්. ඇයි මම මේ හැම දිස්සෙම "අපගේ මොලයෙන් වැඩ ගන්නවා" කියල වචනයක් පාවිච්චි කරන්නේ. එහෙම කියන්නේ මොලය අනෙක් අවයව වගේ නෙමෙයි, ඒක අපි භාවිත කරන ක්‍රමය අනුව එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන වෙනස් වෙන නිසා. ඔයාල බලයි මොනවද මම මේ කියවන්නේ කියල, මොකෝ මොලයෙන් කල්පනා කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න පුළුවන් යෑ. බැලුබැල්මට නං එහෙම තමයි, හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඔයාල කරන හැමදේම පාලනය වෙන්නේ මොලයෙන්, එහෙනං මොලය හරියට පාලනය කලොත් අනෙක් හැම අවයවයක්ම හොදට පාලනය වෙනවා. ඉතින් මොලයේ ධාරිතාව එහෙම නැත්නම් මතකය ටිකක් වැඩි කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න තමයි මේ කියන්න යන්නේ.
මේ mind map කියන ක්‍රමය හුග දෙනෙක් අහල තියෙන්න ඇති, එත් ගොඩක් දෙනෙක් ඔය ක්‍රමය පාවිච්චි කරන්නේ නැ. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තම කිවුවොත් අපි දන්නා දේවල් හොදටම ඇති අපිට හොද ජීවිතයක් ගත කරන්න එත් අපි සමහර වෙලාවට අපි දන්නා දේ ප්රයෝගනයට ගන්නේ නැ. මම මේ කියන්න හදන්නේ මගේ අත්දැකීම මේ mind maps එක්ක. මම මේක ගැන දන ගත්තේ මීට අවුරුදු 10-15 විතර කලින්, එත් මට ඒක එච්චර ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලැබුනේ නැ. ඇත්තම කිවුවොත් අවස්ථාවක් ලැබුනේ නැ නෙමෙයි, ගත්තේ නැ. O/L, A/L විතරක් නෙමයි මම campus එකෙත් පාඩම් කර අර පරණ ක්‍රමේටම තමා.
හැබැයි මම ටික කලක ඉදන් මේක පාවිච්චි කරලා බැලුව ඇත්තටම මේකෙන් වැඩක් වෙනවද කියල. මුලදී නං මෙලෝ රහක් නැ. පස්සේ පස්සේ මට තේරුණා mind maps පාවිච්චි කරන හරිම ක්‍රමය. ඔන්න ඔය මගේ අත්දැකීම ගැන කියන්න තමා මම මේ ලිපිය ලිවුවේ. මොකද අපි mind maps දැනගත්තට වැඩක් නැ ඒක හරියට අපේ එදිනෙද ජීවිතේට යොදා ගන්න බැරිනන්.
මේ ලිපිය සම්පුර්ණ වෙන්න ඕන නිසා mind maps ගැන දන්නේ නැති යට දැනගන්නත් එක්ක mind maps ගැනත් පොඩ්ඩක් ලියනවා. හැබැයි මේක සම්පුර්ණ විස්තරයක් නෙමෙයි.
"A mind map is a diagram used to represent words, ideas, tasks, or other items linked to and arranged around a central key word or idea."
එක අදහසක් හෝ වචනයක් වටා වචන, අදහස්, ක්‍රියාකාරකම් සහ අනෙකුත් අංග පෙළගැස්වීම නිරුපනය කරන සිතියමක් ලෙස mind map එක අපිට විග්රහ කරන්න පුළුවන්. මොකද්ද ඉතින් මේකේ ඇති වැදගත් කම. අපේ මොලයේ යමක් තැන්පත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ජාලයත් හරියට නිකන් ඔය mind map එකට ටිකක් සමානයි. යම් කිසි කේන්ද්‍රස්ථානයක සිට ඉවතට විහිදෙන ආකාරයට මොලයේ කරුණු තැන්පත් වීම සිදු වෙනවා, ඒවාගේම තමයි ඔයාගේ ඇසත් ඒ ආකාරයෙන්මයි තමයි යමක් ග්‍රහණය කර ගන්නේ. හරි දැන් කෙලින් ඉස්සරහ බලන්න, දැන් මොනාද ඔයාට පෙන්නේ, ඔයාට කෙලින්ම තියෙන දේවල් බොහොම පැහැදිලියි නමුත් එතැන් සිට ඉවතට තිබෙන දේ එතරම්ම පැහැදිලිව ඔබට පෙන්නේ නැ. මෙන්න මේ ස්වභාවය තමයි අපි පාවිච්චි කරන්නේ. අපි mind map එකක් හදද්දී එකේ මැදම ලියන්නේ අපි මොන ගැනද මේ map එක හදන්නේ කියල. ඒ අදහස නැත්නම් කරුණ වටා තමයි අපි අපේ map එක ගොඩනගන්නේ. ඒ කියන්නේ අපි මුලින්ම කරන්න ඕනේ, අපි mind map එක හදන කොලේ හරි මැද්දෙම අපි mind map එක හදන කරුණ ලියන්න ඕනේ. එකේ ඉදන් ඉවතට විහිදෙන ආකාරයට අතු වල තමයි ඒ මාතෘකාවට අදාල අපිට මතක තිය ගන්න ඕනේ අනෙක් කරුණු ලියන්නේ. මේ පින්තුරේ පොඩ්ඩක් බලන්න ඔයාලට හොදට තේරෙයි එතකොට.
Mind map එකක් මතකයට ගැනීමේදී කරුණු කීපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පලවෙනි දේ තමයි අපි කොච්චර කලෙකටද මේ සිතියම මතක තියා ගන්න හදන්නේ කියල. ඒ කියන්නේ ඔයාට තාවකාලික මතකයට මේක දාන්නත් පුළුවන්, සදාකාලික මතකයට මේක දාන්නත් පුළුවන්. මේ තාවකාලික හා සදාකාලික මතකය ගැන මෙතනින් කියවන්න පුළුවන්.

![]() |
Mind Map about "How to Mind Map" |
![]() |
Real Hand Made Mind Map |
මේ පින්තුර වල තියෙන maps දෙක දිහා පොඩ්ඩක් බලන්න. ඒවායේ මැදම අපිට අවශ්‍ය ප්‍රදාන කරුණ ලියල තියෙනවා, එතැන් සිට ඉවතට විහිදෙන අතු මත අනෙක් කරුණ පිළිවෙලට පෙළ ගස්ව තියෙනවා. ඒවගේම ඔබ කැමති වර්ණ භාවිත කිරීම, ඔබ කැමති රුප සටහන් ඇදීම වගේ දේවල් වලින් මේ සිතියම තවත් හොදින් අපේ මතකයේ තැන්පත් කර ගන්න පුළුවන්. හැබැයි mind map එකේ ගොඩක් දේවල් ලියන්න යන්න එපා, එහෙම උනොත් එක නිකන් කුණු ගොඩක් වගේ වෙනවා. ඔයාගේ මොලයට වෙහෙසක් නොදැනෙන තරමට විතරක් කරුණු ඇතුලත් කර ගන්න. මම හිතනවා දැන් ඔයාලට map එකක් අදින විදිය හොදින් තේරුම් ගිහින් ඇති කියල. නමුත් දැන් තමයි වැඩේ පටන් ගන්නේ, කොහොමද මේක මතක තියා ගන්නේ.
Mind map එකක් මතකයට ගැනීමේදී කරුණු කීපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පලවෙනි දේ තමයි අපි කොච්චර කලෙකටද මේ සිතියම මතක තියා ගන්න හදන්නේ කියල. ඒ කියන්නේ ඔයාට තාවකාලික මතකයට මේක දාන්නත් පුළුවන්, සදාකාලික මතකයට මේක දාන්නත් පුළුවන්. මේ තාවකාලික හා සදාකාලික මතකය ගැන මෙතනින් කියවන්න පුළුවන්.
ඇත්තටම කියනවා නං මුලින්ම බැලුවම mind map එක නිකන් මහා අවුල් ජාලයක් වගේ. හැබැයි ඔය කිහිප විටක් ඒක හොදට බැලුවම ඔයාට යම් යම් කරුණු මතක හිටිනවා, ටිකෙන් ටික ඔයාගේ සිතියම ඔයාට පැහැදිලි වෙනවා. ඒ කියන්න ඔයා නිතර නිතර බලනවා නං ඔයා ඇදපු සිතියම, ඔයාගේ මොලය ඒකට ටික ටික හුරු වෙනවා. මෙන්න මේක තමයි mind map එකක් මතකයට ගන්න තියෙන ක්‍රමය. මොකද්ද මේකේ තියෙන වැදගත් කම. අපි සාමාන්‍ය ක්‍රමේට පාඩම් කරන කොට ඉස්සෙල්ල අපි short note හදනවා, ඊට පස්සේ ඒවා දමාගෙන කට පාඩම් කරන්නව. නමුත් මේ ක්රමේදී අපි එහෙම කරන්නේ නැ, ඉස්සෙලම අපි mind map එක හදනවා. ඊට පස්සේ පුළු පුළුවන් වෙලාවට ඒක නිකන් බලනවා. නැත්නම් අපිට නිතර පේන තැනක ඒක ගහල තියෙනවා. ඔහේ යන එන ගමන් ඒක දිහා බලනවා, මතක හිටලා තියෙනවද කියල බලනවා. ඔලුවට බරක් කරගෙන mind map එක පාඩම් කරන්න හදන්න එපා. ඒක සමහර අය කරන වැරදි වැඩක්, එහෙම කලොත් ඔයාට ඉක්මනින්ම mind maps එපා වෙලා යයි. මේ විදියට කරන කොට නිකම්ම වගේ ඔයාට mind map එක මතක හිටිනවා ඒ කියන්න අර අපි mind map එකේ මැදින් ලියපු ප්‍රධාන කරුණට අදාල අනෙක් කරුණු සියල්ලම අපිට හොදට මතක හිටිනවා. මේ විදියට සම්පුර්ණ පාඩමක් ම උනත් එක mind map එකකට ගන්න පුළුවන්. හැබැයි ඒකට ටිකක් කල් පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ හරියට mind map එකක් අදින්න ඔයා ඉස්සෙල්ලම පුරුදු වෙන්න ඕනේ. ඒක නං ටිකක් කල් යන වැඩක්. හැබැයි හරියට වැඩේ අල්ල ගත්තම විනාඩි ගානකින් හොද map එකක් හද ගන්න පුළුවන්. මේ ක්‍රමය ඇත්තටම හරිම ඉක්මන් ක්‍රමයක්, ගොඩක් කරුණ මතකයට ගන්න පුළුවන් ක්‍රමයක්. නමුත් මුලදී ටිකක් අමාරුයි. ගොඩක් අය ටික දවසකින් අතෑරලා දානවා. හැබැයි උත්සහ කලොත් ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් හරියට mind maps පාවිච්චි කරන්න ඉගෙන ගත්තොත්.
ඇත්තටම මට දැන් ගොඩක් වෙලාව නැ පාඩම් කරන්න ජොබ් එකත් එක්ක, මම කරන්නේ ටිකක් කට්ට කල mind map එකක් ගහල කොහේ හරි පේන තැනක ගහනවා ඊට පස්සේ නිකන් සැරෙන් සැරේට බලනවා, ටික දවසකින් එකේ තියෙන ගොඩක් දේවල් මට හොදට මතකයි. හැබැයි මතක තියා ගන්න මේක ටිකක් පුරුදු කරන්න ඕනේ, මුලින්ම ටිකක් බොරින් වැඩක්. නමුත් ට්‍රය් කරලා බලන්න, ඔයාට ඔයාගේ හැකියාව ගොඩක් වැඩි කර ගන්න පුළුවන් වෙයි. මම කැමතියි ඔයාලගේ අත්දැකීමත් දැන ගන්න. ඔයා ගොඩක්ම වැඩ අධික කෙනෙක් නං මේ ක්‍රමය ඔයාට ගොඩක් වැදගත්. ප්‍රශ්නයක් අවොත් comment එකක් දාන්න මම දන්නා තරමින් උදවු කරන්නන්. එහෙනං නවතිනවා, ඔයාලට ජය වේවා!
thnx mcn... try karala balannamko
ReplyDelete