Monday, September 12, 2011

මොළය සහ මතකය

"මොළය සහ මතකය" යන මැයෙන් මට ලිපියක් ලියන්න අදහසක් පහල උනේ අද මට අහන්න ලැබුන දෙයක් නිසා. අද අපේ ආයතනයේ තිබුන පොඩි දේශනයක්. එකේදී ටිකක් කතා උනේ මොළය සහ මතකය ගැන පොඩි පොඩි කරනා ටිකක්. හැබැයි අන්තිමට මට හිතුන ඒවා පොඩි පොඩි කරනා ටිකක් උනාට ඒවායේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා කියල. මම මුළු දේශනයම මෙතන ලියන්න යන්නේ නැ. වැදගත් කියල හිතෙන දේවල් ටිකක් විතරයි කියන්න හදන්නේ. හැබැයි ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රස්නයක් එහෙම තියෙනවනන් අහන්න මම හොයල බලලා උත්තරයක් දෙන්න බලන්නන්. ඉතින් මේ දේශයනේ සාරාංශය මෙහෙමයි. අපේ මොළය තමයි අපේ අගේ තියෙන වැදගත්ම අංගය විදියට අපිට සලකන්න පුළුවන්. මොකට මොළයෙන් තමයි අපේ අනෙක් හැම අවයවයක්ම
පාලනය වන්නේ. ඉතින් මේ මොළය ගත්තොත් එහෙම මොළය හරිම සංකීර්ණ අවයවයක්. ඒ විතරක් නෙමෙයි අපි කරනා හැම වැඩක්ම, අපට දැනෙන හැම දෙයක්ම වගේ මේ මොලයේ වෙන වෙනම තැන්පත් කරලා තියන්න පුළුවන් තරන් හැකියාවක් අපේ මොලයට තියෙනවා. එකියන්නේ අපි මොකක් හරි දෙයක් බලනකොට, එහෙම නැත්නං අපි මොකක් හරි කමක් කනකොට, අපිට සුවදක් හරි ගදක් හරි දැනෙන කොට, අපිට වේදනාවක්  දැනෙනකොට වගේ අපේ ඇගෙ සිදුවෙන හැම පුංචි දෙයක් වගේම අපේ මොලයේ වෙන වෙන කොටස් වලින් තමයි පාලනය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ හැම දෙයක්ම වෙන වෙනම ගබඩා කරලා තිය ගන්නත් අපේ මොලයට පුළුවන්. ඉතින් අපිට මොකක් හරි දෙයක් දැනෙනකොට හරි, අපි මොකක් හරි දෙයක් කරනා කොට හරි අදාල ඉන්ද්‍රියේ ඉදල සිග්නල් එකක් අපේ මොලයට එනවා. මේ සිග්නල් එක මොන පත් එකක යනවද කියල අපිට හරියට කියන්න බැහැ. හැබැයි අපිට මොකක් හරි සිග්නල් එකක් ආව ගමන් ඒ සිග්නල් එක අපේ මොලයේ මොකක් හරි පාරක් දිගේ දිගටම ගමන් කරනවා. එත් මේ මාර්ගය බොහොම තාවකාලික එකක්. අපේ මොලයට වෙන සිග්නල් එකක් අවොත් ඒ වෙලාවේම අර මාර්ගය වෙනස් වෙලා අලුත් සිග්නල් එක වෙන මාර්ගයක යනවා. එහෙම තමයි අපිට තාවකාලික මතකය එන්නේ. අපේ හිතට වෙන දෙයක් ආව ගමන් පරණ එක අමතක වෙලා යනවා. හැබැයි අපිට දීර්ග කාලින මතකයකුත් තියෙනවා. එක ඇති වෙන්නේ මොකක් හරි දෙයක් අපි නිතර නිතර කලොත් තමයි. එතකොට වෙන්නේ යම්කිසි සිග්නල් එකක් නිතර නිතර එකම මාර්ගයේ යන්න පටන් ගත්තම ඒ මාර්ගයේ තියෙන ප්‍රෝටීන වල යම් වෙනස් කමක් ඇති වෙනවා. ඒ වෙනස් කම නිසා යම්කිසි කාලයක් සදහා අපිට යම් දෙයක් මතක් හිටිනවා. හැබැයි මෙහෙම ප්‍රෝටීන් වල වෙනස් කම් ඇති උනත් ඒවත් තවකලියයි. මොකද අපේ මොලේ තියෙන ප්‍රෝටීන් ක්ෂය වෙලා ගිහින් අලුත් ප්‍රෝටීන් හැදෙන නිසා. අලුත් ප්‍රෝටීන් හැදෙන කොට අර පරණ සිග්නල් එක ගිය පර මැකිලා යනවා. එතකොට අයෙත් අපිට අමතක වෙනවා. එහෙම තමයි අපිට සති කිහිපයක් හරි මස කිහිපයක් හරි යම් දෙයක් මතක තියෙන්නේ.


නමුත් ඇත්තටම බැලුවොත් ස්ථිර මතකය කියන්නේ ඕකටත් නෙමේ. සමහර දේවල් තියෙනවා අපේ මුළු ජීවිත කාලයටම මතක හිටින දේවල්. එහෙම වෙන්නේ යම් සිග්නල් එකක් අපේ මොලේ ශයිල වල න්‍ය්ස්ටියටම පහර දීපු වෙලාවට. ඒ කියන්නේ යම් කිසි සිග්නල් එකක් නිසා යම් මොලේ ශයිලයක් වෙනස් වෙලා ඒ මගින් නිපදවන නව ප්‍රෝටීන වල පවා අර සිග්නල් එක නිසා ඇතිවුන වෙනස් කම් තියෙනවා නං සදාකාලිකවම අපේ මතකයේ එදෙවල් තියෙනවා. මොකද අලුතින් ප්‍රෝටීන නිපද උනත් ඒවායේ අර සිග්නල් එක නිසා ඇතිඋන වෙනස්කම් දකින්න පුළුවන්. ඒ නිසා ඒවගේ සිග්නල් එකක් අයෙමත් අවොත් ඒක යන්න ඕන පාර මොලේ හරියටම දන්නවා. එකියන්නේ අපි ඒ දේ ගැන දන්නවා.


දැන් අපි බැලුව අපේ මොලයේ යමක් සිද්ද වෙන ආකාරය සහ අපේ මතකය ඇතිවෙන ආකාරය. හැබැයි ඇත්තටම මට කියනන් ඕන උනේ ඔය දේ විතරක්ම නෙමෙයි. මොකද ඔය දේවල් සමහර විට ඔයාල දන්නවා ඇති. නරකම දේ වෙන්නේ මෙන්න මෙතන. අපේ මොළය ගත්තොත් අපිට ප්‍රදාන වශයෙන් කොටස් හයක් අදුර ගන්න පුළුවන්. ඒ ඒක ඒක කොටසින් තමයි අපේ විවිද හැකියාවන් පාලනය වන්නේ. මොනවද මේ කොටස් හය. පලවෙනි කොටසින් වෙන්නේ අපේ අධ්‍යාපනයට අදාලව කටයුතු කෙරෙන ඒක, දෙවන කොටසින් තමයි අපේ කලා හැකියාවන් පාලනය වන්නේ, තුන්වන කොටසින් ප්‍රයෝගික ක්‍රියාකාරකම් (බඩවියත හොයා ගන්න ආකාරය) පාලයන වන කොටස, හතරවන කොටස සදාචාරාත්මක පාලනයක් ඇති කරන කොටස, පස්වන කොටස අපේ හැගීම් පාලනය කරනා කොටස සහ අවසාන කොටස සමාජය සමග කරයුතු කිරීම පාලනය කරනා කොටස  වශයෙනි (මෙම කොටස් හය විවිද ආකාරයෙන් විග්‍රහ කිරීම් දක්නට ලැබෙන අතර යම් වෙනස් කම් දක්නට ලැබුනද එහි කිසි වරදක් නොවන අතර අදහස පමණක් සිහියට ගැනීම පමණක් වටී).  මෙලෙස අපේ විවිද ක්‍රියාවන් එකිනෙකට වෙනස් කොටස් මගින් පාලනය වන බව අපි දනිමු. එසේම මෙම විවිද ක්‍රියාවන් සදහා එම කොටස් සුදානම් කිරීමට අප විවිද වූ ක්‍රියාකරමක් වල යෙදිය යුතුය. අප පාඩම් කරනා විට අධ්‍යාපනයට අදාල කොටස වර්දනය වෙයි, අපේ ක්‍රීඩාවක් කරනා විට ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලට අදාල කොටස වර්ධනය වේ, අප යම් ආගමික කටයුත්තක යෙදෙන විට අධ්‍යාත්මික දියුණුවක් ලබයි, මේ ආකාරයට අප කරනා ක්‍රියාකාරකම් හා මොලයේ වර්ධනය අතරු ඍජු සම්බන්දතාවක් පවතී. මෙහි භයානක තත්වය වන්නේ අප යම් ක්‍රියාකාරකම් නොකර සිටියි නං මොලයේ එම කලාපයට අදාල කොටසේ වර්ධනයක් නොපෙන්විමයි. දීර්ඝ කාලීනව අප යම් දෙයකින් ඇත වී සිටි නම් මොළය එහා කොටස ක්‍රමයෙන් ක්ෂය වී ගොස් අවසානයේ නැවත ප්‍රකුර්ති තත්වයට පත් කලා නොහැකි ආකාරයෙන් මොලයට හානි සිදුවීම ඉතාම කේදජනක තත්වයකි. මෙම තත්වය අප සමාජය තුල බහුලව දක්නට ලැබෙන තත්වයකි. උදාහරණක් ගනිමු. අද බොහෝ දෙමුපියන් තමාගේ ළමය ලකුණු පිටුපස පමණක් හබා යාමට හුරු කරයි. එනම් අද කුඩා දරුවකු උදේ පාසලට යයි, ගෙදර ආ විගස අමතර පන්ති සදහා සුදානම් කරයි, ඉන් අනතුරුව පාසලෙන් දුන් ගෙදර වැඩ කිරීමට යොමු කරයි. ගෙදර වැඩ කර අවසන් වීමටත් ප්‍රථම දරුවා නිදිකිරා වැටෙයි. මෙලෙස දවස ගෙවන්නට යොමු කරවන දරුවා දෙස අපි ටිකක් විමසිල්ලෙන් බලමු. මා මුලින් පැහැදිලි කලා පරිදි අපගේ මොලයේ කොටස් හයක් සංවර්ධනය විය යුතුව තිබුනද, මේ දරුවාගේ මොලයේ සංවර්ධයන වන්නේ අධ්‍යාපනයට අදාල කොටස පමණකි. අනෙක් කොටස් පහම ක්ෂය වෙමින් යයි. කාලයාගේ ඇවෑමෙන් මේ දරුවා කෙසේ හෝ විභාග සමත් වී විශ්වවිද්‍යාලයට යයි, එතනදිත් මේ ආකාරයෙන්ම මොලයේ එක කොටසකට පමණක් ව්‍යායාම ලබා දෙයි, ඔහුගේ මොලයේ අනෙක් කොටත් තව දුරටත් ක්ෂය වෙයි. මෙහි ඇති බයනකම ප්‍රතිපලය වනුවේ මොහු ලකුණු පසුපස පමණක් හඹා යන පුද්ගලයකු වීමය. මොහුට ජීවිතයේ හරයක් නොපෙනේ, විභාග හා ලකුණු පමණක් ඔහුගේ ජීවිතය වෙයි. ඔහු හැම දෙයක් දෙසම ඉල්ලක්කම් වලින් බැලීමට පුරුදු වෙයි. පසුව ඔහු විශ්වවිද්‍යාලයෙන් එළියත් විත් රැකියාවක් කරන විටද සියල්ල ඉලක්කම් වලින් මනින්නට පුරුදු වේ. එනම් කෙසේ හෝ මුදල් ලබා ගැනීම පමණක් ඔහුගේ මුලික අභිප්‍රාය බවට පත් වෙයි. තම දෙමවුපියන් ගැන පවා මොහු ඉල්ලක්කම් වලින් බලයි. අසරණ දෙමුපියන් ගෙදර තබා ගත හොත් කොතරම් මුදලක් වැය වෙයිද? අනාත මඩමකට දැම්මොත් කොච්චර යයිද? දෙමවුපියන් ගෙදර තබා ගත හොත් ගෙදර කිලිටි වන විට නැවත අලුත්වැඩියා කිරීමට කොතරම් මුදලක් වැය වෙයිද? ආදී වශයෙන් මොහු සෑම දෙයක්ම මුදලින් නොහොත් ඉල්ලක්කම් වලින් මැනීමට පුරුදු වෙයි. මොහු කෙතරම් සාර්ථක පුද්ගලයකු සේ ලෝකයට පෙනුනද ඔහුගේ සබැ ජීවිතය එතරම් සාර්ථක නොවෙයි. මන්ද සාර්ථක ජීවිතයක් සදහා මුදල් පමණක් ප්‍රමාණවත් නොවන හෙයිනි. 


 දැන් අපි තවත් කාරණයක් දෙස සලක බලමු. එනම් මෙසේ අධාපනයෙන් පමණක් සාර්ථක වන පුද්ගලයා ඇත්තවශයෙන්ම සාර්ථකද? නොඑසේනම් අද දෙමුපියන් දරුවන්ට බලෙන් දමන්න හදන දැනුම ඇත්තටම දරුවන් තුල තිබේද? යන්නය. සුළු උදාහරණයක් සලක බලමු. ඔබගේ දරුවට කලින් පන්තියක ප්‍රශ්න පත්‍රයක් දී බලන්න ඔහුට නිවැරදිව එම පත්‍රයට පිළිතුරු දීමට හැකිද කියා. එනම් ඔබේ පහ වසරේ සිටින දරුවට හතර වසරේ ප්‍රශ්න පත්‍රයක් දුන්නොත් ඔහුට එය නිවැරදිව කල හැකිද? බොහෝවිට එයට අපහසු වේ. නමුත් ඔබ කෙතරම් මහන්සි උනාද ඔහු හතර වසරේ සිටින විට ඔහුව මෙම ප්‍රශ්න පත්‍රයට සුදානම් කිරීමට? ඒවගේම සමහර විට ඔහු එම ප්‍රශ්න පත්‍රයට ඉතා ඉහල ලකුණු ලබා ගන්නටද ඇත. නමුත් ඔහු පහ වසරට යාමේදී ඔහුගේ හැකියාවන් වර්ධනය වීම සිදුවිය යුතුව තිබුනද, ඔහුට හතර වසරේ දැනුම්වත් නොමැත. මෙයට හේතුව කුමක්ද? හේතුව ඔහු කිසිවක් ඉගෙන නොගැනීමයි. ඔබ ඔහුව පුරුදු කලේ ලකුණු කිහිපයක් වැඩි කර ගැනීමට පමණයි. නමුත් අවසානයේ අපට අවශ්‍ය වන්නේ ලකුණුද? හැකියාවද? ඔහු කෙදිනක හෝ සමාජයට පා තැබුවා කල ඔහුට අවුරුදු දහතුනක් පාසල් අධ්‍යාපනයෙන් ලබා ගත දැනුම ප්‍රයෝජනවත් නොවෙයි නම් මේ අවුරුදු දහතුනම ඔබ ඔබේ දරුවා නොමග යවා ඇත. මෙය ම කීවට පමණක් පිළිනොගෙන මම කිවූ මෙම පරීක්ෂණය කර බලන්න. ඔහුගේම පරණ ප්‍රශ්න පත්‍රයක් ඔහුට දී බලන්න ඔහු එය කෙතරම් නිවැරදිව කරනවද කියා.
දැන් අපි බලමු කොතනද අපිට වැරදුනේ කියල. වැරදුනේ අපි නිසි අයුරින් අපගේ මොලය ගැන අධ්‍යයනය නොකර සිටි නිසයි. මන්ද යත් අපගේ මොලයේ යම් දෙයක් දීර්ඝකාලීනව පැවතීමට නම් අප එම දෙය නැවත නැවත කල යුතුව ඇත. නමුත් අද දවසේ සිටින දරුවට එම අවස්ථාව ලැබෙනවද? ඔහුට අද එක දෙයක් පාසලෙන් උගන්වයි, හවස පන්තියෙන් තව දෙයක් උගන්වයි, හෙට තව දෙයක් උගන්වයි, හැමදාම ඔහුට අලුත් දේවල් ගොඩක් ලැබෙයි නමුත් මේ මොනවද කියාවත් ඔහු නොදනියි. ටිකක් හිතල බලන්න නැවත නැවත කිරීම තබා ඔබේ දරුවා ඔහු ඉගෙන ගන්නේ කුමක්ද කියාවත් නොදනියි. ඔහු පාසලේදී ගුරවරුන්ගෙන් බේරීමට කුමක් හෝ කරයි, ගෙදරදී දෙමුපියන්ගෙන් බේරීමට කුමක් හෝ කරයි. එහැරෙන්නට දරුවා කිසිදු වැටහීමකින් තොරව ඔහුගේ දවස ගෙවා දමයි. මේ අවාසනාවන්ත ඉරණමට මේ දරුවා අද දැමුවේ කවුරුන්ද? දෙමුපියන් මේ සදහා ඍජුවම වග කිව යුතුය. එසේම ගුරුවරුන්ටද මෙම චෝදනාවෙන් කිසිසේත්වත් ගැලවිය නොහැක. මේ සියල්ලටම වැඩ මෙයට වග කිව යුත්ත අධ්‍යාපන බලධාරින්ය. අද අපේ රටේ තිබෙන අධ්‍යාපන රටාව ළමයට සුදුසු නැත. අපගේ පෙළ පොත් ළමා මනස කොතරම් ගැලපේද කියා සිතීමට දැන් කාලය එලබ ඇති කීවද, අප මෙය කල්පනා කරන්නට තිබුනේ මිට වසර පනහකටවත් ප්‍රථමවය. මන්ද මේ වනවිට මේ අවාසනාවන්ත අධ්‍යාපන රටාව නිසා රටෙන් විශාලා කොටසක් විනාස වී හමාරය. අද බොහෝ පාසල් වලින් ළමයින්ට ගෙදර වැඩ දෙයි. ඇයි ළමයට ගෙදර වැඩ දෙන්නේ? ළමය පාසල් එන්නේ ඉගෙන ගන්න. ඒ ළමය පාසලේදීත් ඉගෙන ගෙන අයෙත් ගෙදර ගොසිනුත් ඉගෙන ගැනීම අවශ්‍යද? එසේනම් ඇයි අපි අපේ ළමය පාසල් එවන්නේ? මෙය ඉතාම වැරදි ක්‍රමයකි.
ළමය පාසලේදී ඒගෙන ගෙන ගෙදර ගොස් ඔහු ගෙදර පරිසරයේ ජීවත් විය යුතුය. මම කලින් කියූ දෙය නැවත මතක් කිරීමට කැමැත්තෙමි. ඉගෙනීමෙන් ළමයාගේ මොලයේ වැඩෙන්නේ හයෙන් එකක් පමණ වූ කොටසකි. ඔහුගේ මොලයේ කොටස් හෝ දෙපාර්තමේන්තු පහක් නිකරුනේ විනාස වී යයි. විනාස වී යනවා පමණක් නොව ඒවා නැවත පිලිසතර කල නොහැකි ආකාරයෙන් විනාස වී යයි. ඉතින් ඔබ කැමතිද ඔබේ දරුවාගේ මොලයට හානි කරන්න, දරුවාගේ මොලය විනාස වන තුරු බල හිදින්න, එසේනම් මේ පවතින ක්‍රමය දිගටම පවත්වාගෙන යන්න. එසේ නොවන දෙමුපියන් අදම ක්‍රියාත්මක වී ඔබේ වාසනාවන්ත දරුවා රැකගන්න. අනෙක් දෙය නම් මේ ලෝකයට අවශ්‍ය වන්නේ දොස්තරවරු හා ඉංජිනේරුවන් පමණක් නොවීමය. ලෝකය ජය ගත් මිනිසුන් සියල්ල හොදින් ඉගෙන ගත අය නොවෙයි. දැන් සමහරෙක් කියයි මමත් මේ සමහර කට්ටිය වගේ බයිලා ගහනවා කියල. හැබැයි මම මේ කතා කරන්නේ මගේම අත්දැකීමෙන්, මොකද මම අද සැහෙන සාර්ථක පුද්ගලයෙක් නමුත් මම අධ්‍යාපනයට එතරම්ම දක්ෂකම් දක්වන කෙනෙක් නොවෙයි. මම දියුණු කරගත්තේ වෙනත් ගුණාංග කිහිපයක්, මම ඉගෙන ගැනීමට සැහෙන මහන්සියක් ගත්ත, මමත් මේ වැරදි පාරේ ගිය නමුත් කුමක් හෝ පිනකට අද මම තරමක් සාර්ථක මාර්ගයක ගමන් කරමින් සිටිනවා. මම මේ උත්සහ දරන්නේ මගේ සාර්ථකත්වය තවත් යම් කෙනෙකුට ලබාදීමට කල හැකි සුළු දෙයක් හෝ කිරීමටය. එයින් ඔබට තවත් දෙයක් තේරුම් ගත යුතුය, එනම් මගේ මොලයේ අධ්‍යාපනයට අදාල කොටස පණක් නොව සමාජය සමග කටයුතු කරන කොටස හා අධ්‍යාත්මික කරුණු පාලනය කරන කොටස පවා හොදින් වැඩි ඇති බවය. කොහොමද මම එහෙම කරන්නේ මගේ මොලයේ එක කොටසක් පමණක් වැඩි තිබුන නං මම අනෙක් යට උදවු කරන්නට උත්සහ නොදරයි, මම මගේ මුදල හම්බ කරගෙන , ඒවා පොදි ගහගෙන, ඒවා ගැන ගැන ඉල්ලකම් සමග ජීවත් වෙයි. නමුත් මට එසේ අවශ්‍ය නොවේ.

මෙය තරමක් දීර්ඝ මාතෘකාවක් උනා. නමුත් මෙය මෙතැනින්ද නොනවතියි. තව සැහෙන දේවල් මේ සම්බන්දයෙන් ලියන්නට ඇත. ඒවා මම ඉදිරියේදී තව දුරටත් ලියන්නට උත්සහ කරමි. නමුත් වැදගත්ම දේ ඔබ පවතින රාමුවෙන් පිටතට පැමිණ මේ දේවල් ගැන හොදින් සිත බැලීමය. කිසි දිනෙක කෙනෙක් කීවට පමණක් දෙයක් පිළිනොගන්න, ඔබම හොදින් සිත බලන්න. මා මේ කතා කල කරුණු ගැන සිත බැලුවහොත් ඔබට යම් දෙයක් පැහැදිලි වේවි, එසේම ඔබ මේ සියලු කරනා සමග එකග නොවන බවද මම දනිමි. කෙසේ හෝ ඔබේ මේ ගැන සිතන්නට යොමුවිමම වටී. මෙහිදී මම මා ගැන උදාහරණ ගනු ලැබුයේ මම මහා ලොකු පොරක් කියා සිත නොවන අතර, මම ආ ගමන් මගේ සිදුවූ සියලු වැරදි හා සාර්ථකවීම් මා තරම් දන්නා වෙන කෙනෙක් නොවන හෙයිනි. අනෙක මම යම් සාර්ථකත්වයක් ලබා තිබීම හා එම සාර්ථකත්වය කර තවත් පුද්ගලයන් ගෙන යාමට හැකි බව මම තරයේ විස්වාස කරනා බැවිනි. මට වැඩ සාර්ථක උවන්ට මා ගැන කරනා සදහන් කිරීම් එතරම් වැදගත් නොවන නමුත් මෙහි සදහන් අනෙක් කරනා ගැන සිත බැලීමට ආරාධනා කිරීමට කැමැත්තෙමි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...