Thursday, December 22, 2011

සමාජ පොත් සලකුණු අඩවි තුල ඔබේ බ්ලෝගය ප්‍රසිද්ධ කිරීමේ කෙටි මං - How To Use Social Bookmarking Sites To Promote Your Blog

 ටික කාලෙකට පස්සේ අයෙත් බ්ලොග් එක පැත්තේ එන්න හිතුන. හැබැයි අද අවේ නිකන් නෙමෙයි, අපි හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන කරුණු ටිකක් ලියන්නත් එක්ක කියල හිතාගෙන. අපි ඔක්කොමල්ලම ඉතින් බ්ලොග් ලියන එක ගොඩක් වෙලාවට කරනවා නේ, හැබැයි ඉතින් අපි බ්ලොග් එකක් ලියුවට විතරක් වැඩක් නැ ඒක කියවන්නත් කට්ටිය එනවා නං තමයි ඉතින් අපිට සතුටු. අද මට හිතුන "කොහොමද අපේ බ්ලොග් එක ටිකක් ජනප්‍රිය කර ගන්නේ" කියන මාතෘකාව යටතේ පොඩි පොඩි කරුණු ටිකක් ලියන්න. ජනප්‍රිය කර ගන්නවා කියන්නේ කොහොමද අපේ බ්ලොග් එක සෙවුම් යන්ත්‍ර වලට ඇතුලත් කර ගන්නේ, විවිද වර්ගීකරණ අඩවි වල ඉහල ස්ථානයක් දින ගන්නේ ඒවගේම අපි ලියන බ්ලොග් එකේ තියෙන දේවල් වලට කැමති කට්ටිය වැඩි වැඩියෙන් අපේ බ්ලොග් එකට ගෙන්න ගන්නේ වගේ කරුණු වලට. ගොඩක් වෙලාවට අපි බ්ලොග් ලියනවා හේතු දෙකක් නිසා, සමහර අය බ්ලොග් ලියන්නේ ආසාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස, තවත් අය තමන්ගේ බ්ලොග් අඩවි පාවිච්චි කරන්න වෙළද අරමුණින් පවා. එකියන්නේ බ්ලොග් ලියන ගමන් කියක් හරි හොයාගන්නත් ට්‍රය් කරනවා. මේ අරමුණු දෙකෙන් මොකක් නිසා අපි බ්ලොග් ලිවුවත්, අපේ බ්ලොග් එකට වැඩි වැඩියෙන් කට්ටිය එන එකට අපි ගොඩක් සතුටුයි. ඉතින් මේ බ්ලොග් එකට කට්ටිය වැඩි වැඩියෙන් ගෙන්න ගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. සල්ලි දීල දැන්වීම් දාලත් කර ගන්න පුළුවන්. හැබැයි එක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එකක් අපිට එච්චර සල්ලිත් නැ, අනෙක් ගොඩක් සෙවුම් යන්ත්‍ර වේ විදියට දාන දැන්වීම් හදුනාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එකෙන් කියන්නේ නැ හොද බ්ලොග් අඩවියක දැන්වීමක් දාන එක වැඩක් නැති වැඩක් කියල. හැබැයි ඊට වඩා ගොඩක් හොදයි අපිට පුළුවන් නං ඇත්තම ජනප්‍රියතාවක් ලබා ගන්න. මොකද ඒක හැමදාටම තියෙයි, දැන්වීම වගේ සල්ලි ගෙවනකන් විතරක් නෙමෙයි.


මම කිවුවනේ මේ වැඩේ කරන්න ගොඩක් ක්‍රම තියෙනවා කියල, හැබැයි ඒ ඔක්කොම මෙතන ලියන්න බැ. එවුනට ඒවා ගැනත් මං පස්සේ ලියන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ අදහස් මට ලියන්න එතකොට මට තවත් ලේසි වෙයි. අද මම ලියන්නේ සමාජ පොත් සලකුණු අඩවි හෙවත් Social  Bookmarking  Sites ගැන. මොනවද මේ social  bookmarking  sites  කියන්නේ? මේවා ක්‍රියා කරන්නේ හරියට නිකන් අපි  පොතක් කියවන කොට අපිට වැදගත් පිටුවක් ආවම අපි මොකද කරන්නේ එතනට මොකක් හරි දෙයක් දානවා අපිට අයෙත් ඉක්මනට ඒ තැන හොයා ගන්න පුළුවන් වෙන්න. මේවට අපි සිංහලෙන් කියනවා bookmark  කියල. ඒකම තමයි මේ sites  වලත් කරන්නේ.
මෙතැනදී පොත් නෙමෙයි අපි ඉන්ටෙර්නෙට් එකේ මොකක් හරි දෙයක් බලන කොට අපිට වැදගත් දෙයක් හම්බුනාම අපිට ඒ වෙබ් පිටුවට නැවත පහසුවෙන් පැමිණීමට යොදන උපක්‍රමයට තමයි අපි online  bookmark  එකක් කියල කියන්නේ. මෙහෙම bookmark  දන්නා ක්‍රම ගොඩක් තියෙනවා, අපිට පුළුවන් ඒ site එකේ URL ඒක කොහේ හරි copy  කරලා තිය ගන්න, නැත්නම් browser  එකේ favorites  වලට ද ගන්න වගේ දේවල්. හැබැයි මේ දේවල් online  නෙමෙයි, ඒ කියන්නේ අපි වෙන machine  එකකට ගියාම අපිට ඒවා පාවිච්චි කරන්න බැ. හැබැයි අපි online  bookmark  එකක් දැම්මොත් එහෙම නෙමෙයි, අපිට ඕන තැනකින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි හද ගත්ත bookmark  list  ඒක අපිට අපේ යාලුවෝ එක්කත් share  කර ගන්න පුළුවන්. ඔන්න ඔතනදි තමයි social  bookmarks  එන්නේ. ඒ කියන්නේ මේ social  bookmark  site  එකක ඔයා bookmark  ද ගත්තම ඔයාගේ යාලුවෝ එක්ක විතරක් නෙමෙයි මුළු ලෝකෙම එක්ක ඔයාගේ bookmarks  share  කර ගැන පුළුවන්.  

ඉතින් මොකද්ද මේකේ තියෙන වැදගත් කම. මේ social  bookmark  site  වල තව features  තියෙනවා, ඔයාට පුළුවන් ඔයාගේ යාලුවෝ share  කරපු ඒවාට comments  දන්නා, ඒවත් අයේ ඔයාගේ යාලුවෝ එක්ක share  කර ගන්න, ඔයා කැමති bookmark  වලට චන්දෙ දීල ඒවා bookmark  list  එකේ ඉහලට ගෙන්න වගේ දේවල්. මේ විදියට ඔයාට පුළුවන් ඔයාගේ bookmarks  මේ site  වල home  page  එකට ගෙන්න. එහෙම home  page  එකට ආවම ඒ bookmark  එක ගොඩක් දෙනෙකුට පේනවා, ඒ bookmark  එක හරහා ගොඩක් අය ඒ බ්ලොග් එකට යනවා. මේ විදියට තමයි social  bookmark  site  නිසා බ්ලොග් එකකට වැඩි වැඩියෙන් කට්ටිය එන්නේ. ඉතින් ඔයා ඔයාගේ බ්ලොග් එකේ ලියන දේවලුත් මේ විදියට bookmark  site  වලට දැම්මොත් ඔයාගේ බ්ලොග් එකටත් ගොඩක් කට්ටිය එනවා, ඔයාගේ site  එක ගොඩක් ජනප්‍රිය වෙනවා. මේක ඇත්තටම වෙන දෙයක්, මම මේක කරලා බැලුව ඇත්තටම ගොඩක් ඉක්මනට අපේ site එක google  වල එහෙම list  වෙනවා. හැබැයි ඉතින් මේක නිකන්ම කරන්න බැ. මේක කරන විදියක් තියෙනවා. මෙච්චර වෙලා මම කිවුවේ social  bookmarking  වල තියෙන වැදගත් කම. දැන් බලමු කොහොමද අපි එකෙන් අපේ වැඩේ කරගන්නේ කියල.

මම කිවුවනේ අපිට ගොඩක් කට්ටිය අපේ site  එකට ගෙන්න ගන්න ඕනේ නං අපි ඒ site එකේ  bookmark  list  එකේ පුළුවන් තරං ඉහලට යන්න ඕනේ. ඒක අපිට කරන්න බැ, අපේ bookmark  දකින කට්ටිය අපේ bookmark  වලට චන්දෙ දෙන්න ඕනේ නැත්නං vote  කරන්න ඕනේ. vote  වැඩි වෙන තරමට අපේ post  එක ඉහලට යනවා වැඩියි. මේක තමයි මෙතන තියෙන secret  එක. කවදාවත් social  bookmark  site  එකක ඔයාගේ blog  එකේ links  ටික විතරක් එක දිගට පොස්ට් කරගෙන ගිහින් මේ වැඩේ කරන්න බැ. එහෙම කරොත් ඔයාව ඒ site  එකෙන් block  කරන්නත් පුළුවන් spammer  කෙනෙක් කියල. ඒවිතරක් නෙමෙයි හොදට මතක තියා ගන්න හොද post  එකකට vote  කරලා ඉහලට ගෙනියන්න පුළුවන් වගේම burry  කලොත් එහෙම ඔයාගේ post  එක පහළටත් යනවා. ඒ කියන්නේ ඔයාගේ site  එකට තියෙන ජනප්‍රියත්වේ නැති කර ගැනීමක්. දැන් එහෙනං බලමු මොකද කරන්න ඕනේ කියල අපේ bookmarks  ඉහලට ගෙනියන්න.

තව පොඩි දෙයක් තියෙනවා කියල දෙන්න එක තමයි මේ සිතේ වලින් සමහරක් ඒවා "dofollow" ගණයට වැටෙනවා අනෙක් ඒවා "nofollow" ගණයට වැටෙන ඒවා. මොනවද එම dofollow /nofollow  කියන්නේ. dofollow  link එකක් කියන්නේ ඒ link  එක හරහා ඔයාගේ site  එකට search  engine  sperders  ල එනවා ඇවිත් ඔයාගේ සිතේ එකේ තියෙන දේවල් ගැන details  ගන්නවා. එහෙම තමයි search  engine  එකක් ඔයාගේ site  එකේ details  එකෙන් search කරන කෙනෙකුට පෙන්නන්නේ. හැබැයි nofollow  links  එහෙම නැ එක නිකන් link  එකක් විතරයි එක උඩ කවුරු හරි click  කලොත් අදාල site  එකට යනවා හැබැයි එක තුලින් අපේ සිතේ එකට search  engines  එන්නේ නැ. search  engines  වල අපේ site  එක ගැන details  යන්නේ නැ. මේක බොහොම සරල පැහැදිලි කිරීමක් ඇත්තටම් වෙන දේ මෙයිට වඩා පොඩ්ඩක් වෙනස. අපි මේකෙන් ගන්න ඕනේ දේ තමයි අපි bookmark  දානකොට , bookmark  දානකොට විතරක් නෙමෙයි අපි අපේ බ්ලොග් එක කොහේ හරි post  කරන කොට පුළුවන් තරං dofollow  ලිනක්ස් විදියට දන්නා ඕනේ. එකෙන් අපිට ලැබෙන දේවල් වැඩියි. ඒ කියන්නේ අපි අපේ link  post  කරන්න dofollow  social  bookmarking  sites  තොර ගන්න ඕනේ. එකෙන් කියන්නේ නැ අනෙක් ඒවා ගන්න එපයි කියල. වැඩිය dofollow  sites  වලට යන එක අපිට ලේසියි. ඉස්සෙල්ලම මම දෙන්නන් මම පාවිච්චි කරන sites  වල details . තව site  ගොඩක් ඔයාට google  search  කලොත් හොයා ගන්න පුළුවන්. හැබැයි සමහර ඒවාට සල්ලි ගන්නවා, සමහර ඒවායේ limitations තියෙනවා. මේ site  ටික මම දිනපතා පාවිච්චි කරනවා ඒ වගේම ඔක්කොම ඒවා freely  bookmarks  දන්නා දෙනවා. අනෙක් දේ තමයි මේ sites ඔක්කොම high  ranking  bookmarking  sites ,  ඒ කියන්නේ මේවගෙන් ඔයාගේ site  එකට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගොඩක් ඉහලයි.

Social Bookmark Site
Do-Follow
Yes
Yes
N/A
no
Yes
N/A
N/A
Yes
Yes
no
Yes
N/A
no
Yes
no
no
N/A
Yes
Yes
Yes
no


මේ list  එකේ මුල්ම site  5 මම දිනපතා පාවිච්චි කරනවා. ඒවගේම ඒ sites  පහම high  rank  social  bookmarking  sites. මේ site  5 home  page  එකට ඔයාගේ link  එකක ගියොත් ඔයාගේ site  එකට එන traffic  එක ගොඩක් වැඩියි.

1. ඔය තියෙන මුල්ම site  5 ගිහින් register  වෙලා account  එකක හද ගන්න.
2. ඔයාගේ යාලුවෝ කිහිප දෙනෙකුටත් ඔය sites  යවල එයාලටත් register  වෙලා accounts  හදා ගන්න කියන්න. එයාලගේ profile  වලට ඔයාගේ profile  එක add කරන්න කියන්න, ඔයත් ඉතින් එයාලගේ profile  add  කර ගෙන හොද network  එකක හදා ගන්න.
3. එක පාරටම ඔයාගේ බ්ලොග් එකේ links  post  කරන්න යන්න එපා. එක හරි යන්නේ නැ. ටික කාලයක් ඉන්ටෙර්නෙට් එකෙන් හොයා ගන්න හොද interesting  news , images , vidoes  වගේ දේවල් post  කරන්න. කොහොමද මේ hot  topics  හොයා ගන්නේ? එක හරිම ලේසියි google  එකේ "news" කියල search  කරන්න ඕන තරං ලැබෙයි.
4. දැන් දිගටම interesting  topics  post  කරන අතර තුර ඔයාගේ බ්ලොග් එකේ post  එකකුත් දාන්න. එක දිගට ඔයාගේ links  විතරක් දාන්න එපා. හොද interesing  topics  අතරට ඔයාගේ links  bookmark  කරන්න. මේ ක්‍රමයට ඔයාට අනිවාර්යයෙන් ඔයාගේ site එකට ගොඩක් කට්ටිය ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්.

5. ඒවගේම අනෙක් අයගේ post  එහෙම නැත්නම් bookmarks  වලට vote  කරන්න comments  දාන්න. මෙතැනදී ඔයාගේ යාලුවන්ගේ විතරක් නෙමෙයි ඔය නොදන්නා අයෙගේ bookmarks  වලටත් vote  කරන්න comments  දාන්න. මොකද එහෙම කලාම එයාලත් ඔයාගේ post  වලට comments  දානවා vote  කරනවා. එහෙම තමයි ඔයාගේ bookmarks  ඉහලට යවන්නේ. මේක හරි වැදගත් පුළුවන් තරඟ අනෙක් අයගේ bookmark  වලට vote  කරන්න comments  දාන්න, මොකද ඔයාට මුකුත් නැති වෙන්නේ නැනේ, නමුත් එයාල ඔක්කොම ඔයාව follow  කරවී.
6. මේක නවත්තන්න එපා ඉඩ තියෙන හැම වේලාවෙන ඇවිත් මොනවා හරි bookmark  කරන්න. ඔයාගේ බ්ලොග් එකේ අලුත් දෙයක් නැත්නං internet  එකෙන් අලුත් දෙයක් හොයල හරි post  කරන්න එක වැදගත්.


මතක තියා ගණන් shortcuts  වලින් යන්න හදන්න එපා එහෙම උනොත් අවසාන ප්‍රතිපලය එච්චර සාර්ථක නැ. මේ ක්‍රමයට ටිකක් කල් යනවා හැබැයි ඔයාට දිගටම පවතින traffic  එකක ඔයාගේ site  එකට ලැබෙනවා. මේක මම අත්හද බලල තියෙනවා වගේම මම හැමදාම දිගටම කරන දෙයක්. එක නිසා මේ ක්‍රමය ගැන සහතික වෙන්න පුළුවන්. හැබැයි මම කියපු ක්‍රමයටම යන්න ඉක්මන් වෙන්න හදන්න එපා, ඒ වගේම තමයි හොර වැඩ වලින් ඔයාගේ සිතේ එක popular  කරන්න හදන්නත් එපා. එහෙම කලට වැඩක් නැ මොකද search  engine  එහෙම හදල තියෙන්නේ අපිට වැඩිය ගොඩක් IT දාන්න අය. අලුත් search  engine  ඕන එකකට ඔය හොර වැඩ ඔක්කොම අල්ලන්න පුළුවන්, ඒවිතරක් නෙමෙයි ඔයාගේ blog  site  එක spam  site  එකක කියල එයාලට black  list  කරන්නත් පුළුවන්. ඉතින් එහෙනං කරලා බලන්න, ඔයාගේ site  එකත් popular  blog  එකක වේවි. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නං comment  කරන්න මම පුළුවන් විදියට උත්තර දෙන්නන්. ඔයාලට තව මොනවා හරි දැන ගන්න තියෙනවා නං කියන්න. ඔයාල මේ sites  වල register  උනාම ඔයාලගේ user  names මෙතන comments  යටතේ දාන්න එතකොට අනෙක් යට පුළුවන් ඔයාලව follow  කරන්න.  එහෙනං good  luck  කිවුව.


2 comments:

  1. වැදගත් ලිපියක්.. ස්තූතියි කරුණු වලට.

    ඔබ සමහර විට නොදන්නා පුංචි දෙයකුත් මෙහි ලියන්නට මට ඉඩ දෙන්න. ඔබේ බ්ලොග් අඩවියට සමාන නමකින් පවත්වාගෙන යනු ලබන අඩවියක් මවිසින්ද පවත්වාගෙන යනු ලබනවා. ( http://nadunuyana.blogspot.com ) . සමහර විට ඉදිරියට මේ අඩවි දෙකේ අනන්‍යතාව පිලිබඳව පාඨකයන්ට ගැටලු ඇති වෙන්න පුලුවන්. මම කිසි ලෙසකින්වත් කියන්නේ නෑ.. "නදුන් උයන" කියන නම මට ලියලදීපු එකක් කියල. නමුත් ඔබේ බ්ලොග් අඩවියට සුවිශේෂී අනන්‍යතාවක් ගොඩ නගාගන්නවානම් එය ඉතා අගේ කොට සලකනව...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...