Thursday, December 22, 2011

සමාජ පොත් සලකුණු අඩවි තුල ඔබේ බ්ලෝගය ප්‍රසිද්ධ කිරීමේ කෙටි මං - How To Use Social Bookmarking Sites To Promote Your Blog

 ටික කාලෙකට පස්සේ අයෙත් බ්ලොග් එක පැත්තේ එන්න හිතුන. හැබැයි අද අවේ නිකන් නෙමෙයි, අපි හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන කරුණු ටිකක් ලියන්නත් එක්ක කියල හිතාගෙන. අපි ඔක්කොමල්ලම ඉතින් බ්ලොග් ලියන එක ගොඩක් වෙලාවට කරනවා නේ, හැබැයි ඉතින් අපි බ්ලොග් එකක් ලියුවට විතරක් වැඩක් නැ ඒක කියවන්නත් කට්ටිය එනවා නං තමයි ඉතින් අපිට සතුටු. අද මට හිතුන "කොහොමද අපේ බ්ලොග් එක ටිකක් ජනප්‍රිය කර ගන්නේ" කියන මාතෘකාව යටතේ පොඩි පොඩි කරුණු ටිකක් ලියන්න. ජනප්‍රිය කර ගන්නවා කියන්නේ කොහොමද අපේ බ්ලොග් එක සෙවුම් යන්ත්‍ර වලට ඇතුලත් කර ගන්නේ, විවිද වර්ගීකරණ අඩවි වල ඉහල ස්ථානයක් දින ගන්නේ ඒවගේම අපි ලියන බ්ලොග් එකේ තියෙන දේවල් වලට කැමති කට්ටිය වැඩි වැඩියෙන් අපේ බ්ලොග් එකට ගෙන්න ගන්නේ වගේ කරුණු වලට. ගොඩක් වෙලාවට අපි බ්ලොග් ලියනවා හේතු දෙකක් නිසා, සමහර අය බ්ලොග් ලියන්නේ ආසාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස, තවත් අය තමන්ගේ බ්ලොග් අඩවි පාවිච්චි කරන්න වෙළද අරමුණින් පවා. එකියන්නේ බ්ලොග් ලියන ගමන් කියක් හරි හොයාගන්නත් ට්‍රය් කරනවා. මේ අරමුණු දෙකෙන් මොකක් නිසා අපි බ්ලොග් ලිවුවත්, අපේ බ්ලොග් එකට වැඩි වැඩියෙන් කට්ටිය එන එකට අපි ගොඩක් සතුටුයි. ඉතින් මේ බ්ලොග් එකට කට්ටිය වැඩි වැඩියෙන් ගෙන්න ගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. සල්ලි දීල දැන්වීම් දාලත් කර ගන්න පුළුවන්. හැබැයි එක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. එකක් අපිට එච්චර සල්ලිත් නැ, අනෙක් ගොඩක් සෙවුම් යන්ත්‍ර වේ විදියට දාන දැන්වීම් හදුනාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එකෙන් කියන්නේ නැ හොද බ්ලොග් අඩවියක දැන්වීමක් දාන එක වැඩක් නැති වැඩක් කියල. හැබැයි ඊට වඩා ගොඩක් හොදයි අපිට පුළුවන් නං ඇත්තම ජනප්‍රියතාවක් ලබා ගන්න. මොකද ඒක හැමදාටම තියෙයි, දැන්වීම වගේ සල්ලි ගෙවනකන් විතරක් නෙමෙයි.

Related Posts Plugin for WordPress, Blogger...