Tuesday, November 8, 2011

මනෝ සිතියම් හෙවත් mind maps

ඔයාලට මතක ඇති මම මොලය සහ මතකය ගැන පොඩි දේවල් ටිකක් ලිවුවා මීට ටික කලකට කලින්.
අද මම ඒකටම අදාල තවත් කරුණු ටිකක් කියන්න තමයි යන්නේ. අපි එදා කතා කලා මොලය කොහොමද හැදිලා තියෙන්නේ, මොලය කොහොමද යමක් තේරුම් ගන්නේ, යමක් මතක තියා ගන්නේ වගේ කරුණු. ඒවාගේම මම කිවුව කොහොමද අපි සම්පුර්ණ මොලයෙන්ම වැඩ ගන්නේ, කොහොමද මොලයේ හැකියාව දියුණු කරන්නේ වගේ කරන ගැනත්. ඉතින් අද මම කතා කරන්න යන්නේ තවත් වැදගත් ක්‍රමයක් ගැන අපේ මොලයෙන් හොදට වැඩ ගන්න පුළුවන්. ඇයි මම මේ හැම දිස්සෙම "අපගේ මොලයෙන් වැඩ ගන්නවා" කියල වචනයක් පාවිච්චි කරන්නේ. එහෙම කියන්නේ මොලය අනෙක් අවයව වගේ නෙමෙයි, ඒක අපි භාවිත කරන ක්‍රමය අනුව එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන වෙනස් වෙන නිසා. ඔයාල බලයි මොනවද මම මේ කියවන්නේ කියල, මොකෝ මොලයෙන් කල්පනා කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න පුළුවන් යෑ. බැලුබැල්මට නං එහෙම තමයි, හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඔයාල කරන හැමදේම පාලනය වෙන්නේ මොලයෙන්, එහෙනං මොලය හරියට පාලනය කලොත් අනෙක් හැම අවයවයක්ම හොදට පාලනය වෙනවා. ඉතින් මොලයේ ධාරිතාව එහෙම නැත්නම් මතකය ටිකක් වැඩි කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න තමයි මේ කියන්න යන්නේ.

Monday, November 7, 2011

රට ගිය ඇත්තෝ

 මේක මට ලගදි ආපු e-mail එකක තිබ්බ කතාවක්. හැබැයි ඒක අපි කාටත් වටිනා කතාවක් කියල හිතුන නිසා තමයි මෙතන දාන්න හිතුවේ. හැබැයි මේ කතාවේ ඇත්ත නැත්ත නං මම හරියට දන්නේ නෑ. නමුත් මේ කතාවට ගොඩක් සමාන සිදුවීම මමත් අහල තියෙනවා. මේ කතාව, ලංකාවේ ඉදල ඇමෙරිකාවට ගිය අපේ කට්ටියකට වෙච්ච දෙයක් ගැන තමා තියෙන්නේ. කවුරු උනත් තමන්ගේ රට දාල යනකොට ටිකක් මේවා ගැනත් හොයල බැලුවොත් හොදයි කියල තමයි මටත් හිතෙන්නේ. මේකේ තිබුන නම් ගම් මම ඉවත් කලා, ඒවා අපිට වැඩක් නෑ නමුත් කතාව මෙන්න මෙහෙමයි.

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම ---. --- ------. ගම කඩවත. මම --- සමාජයේ සාමාජිකයෙක්. --- සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා.
දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යනවා. මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්. පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්. ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන. මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල් ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි. ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...