Monday, September 5, 2011

වැඩකාරයා සහ ජෝගින් යාම

මට මේක ලියන්න හිතුනේ ඊයේ මම දැකපු දෙයක් නිසා. නම් ගම් ලියන්න ඕනේ නැ මම කතාව විතරක් කියන්නන් කෝ. අපි කොච්චර දේවල් කරනවද අපේ සෞඛ්‍යය රැක ගන්න. සමහරු කෑම පාලනය කරනවා, සමහරු ව්‍යායාම කරනවා, තව කට්ටිය එක එක බේත් ගන්නවා, ඕවගේ එක එක දේවල්. ඉතින් ඊයේ මම දැක්ක සැහෙන පොස් මහත්තයෙක් සහ නෝනා කෙනෙක් ඔය පර්ලිමෙන්ට් ග්‍රවුන්ඩ් එක කිට්ටුව ජෝගින්ග් කරනවා. ඉතින් මමත් ඒ කට්ටිය ටිකක අදුරන නිසා පොඩ්ඩක් ඉදල කතා කරලා එහෙම තම ගියේ. ඉතින් ඔහොම කතා කරන කොට තම කිවුවේ එයාල ජෝගින්ග් එන හේතුව. අනේ නැති
ලෙඩක් නැ හැම පොස් ලෙඩක්ම තියෙනවා ඔය දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ. මතක ඇති අපි ඔය දියවැඩියාව ගැන කතා කලානේ කලින්. එකත් ඉතින් ඕනේ නන් මෙතනින් බලන්න පුළුවන්. ඉතින් ඔහොම කතා කරලා මම ගෙදර එනකොට මම එනකන් කල්පනා කලේ මේ දෙන්න ගැන. මෙගොල්ලොන්ගේ ගෙදර සැහෙන කලෙක ඉදන් ඉන්නවා ආච්චි කෙනෙක් වැඩට. එයා තමයි ගෙදර හැම දේම කරන්නේ. ගෙදර වැඩ, ළමයින්ගේ වැඩ, වත්තේ වැඩ ඔක්කොම කරන්නේ මේ ආච්චි. මේ ආච්චිට ඒගොල්ලෝ සැහෙන ගානකුත් ගෙවනවා. හැබැයි මම කල්පනා කලේ මේ ආච්චිට කිසිම ලෙඩක් නැ. අර ගෙදර අයිති මහත්තයටයි නොනටයි හැම ලෙඩක්ම තියෙනවා, එත් මේ ගෙදර වැඩ කරන කෙනාට කිසි ලෙඩක් නැ, ජෝගින්ග් යන්නෙත් නැ, එක එක බේත් ගන්නෙත් නැ. ඉතින් මම තව ටිකක් හොයල බැලුව වෙන ගෙවල් කියපයක් ගැනත් ඒ ගෙවල් වලත් තත්වය ඔයිට ගොඩක් සමානයි. ගෙදර නොනටයි මහතයටයි දෙනාටම එක එක ලෙඩ හැබැයි වැඩ කාරයන්ට ඔය ලෙඩ නැ.
  
පොඩ්ඩක් හිතල බැලුවොත් අපිට මේ මොකද වෙලා තියෙන්නේ කියල මේකට හේතුව පැහැදිලි කර ගන්න පුළුවන් වෙයි. අපි අපේ වැඩ ඔක්කොම වැඩකරයනට පවරලා අපි හොද සැපන් ඉන්නවා. එයාල අපේ හැම වැඩක්ම කරනවා. අපිට මෙහෙම සැපට ඉන්න පුළුවන් වෙයිද? කොච්චර කලක් මේ සැප ගනීද? එකයි ප්‍රශ්නේ. අපිට රටේ නැති ලෙඩ ඔක්කොම හැදෙනවා ඊට පස්සේ අපි එක්කෝ බේත් ගන්නවා, කෑම පාලනය කරනවා, ව්‍යායාම කරනවා, වැඩ ගොඩයි. දැන් අපි අපේ වැඩ කර ගත්ත නන් අපිට ලැබෙන වැසි මොනවද කියල බලමු. පලවෙනි එක තමා මම දකින විදියට නන් අපේ සෞඛ්‍ය තත්වය හොද අතට හැරිම, ඊට පස්සේ ඉතින් ඔය ජෝග්ගින් එහෙම කරන්න ඕනෙත් නැ, ඇග ශේප් කර ගන්න එක එක ඒවා කරන්න ඕනෙත් නැ, බේත් බොන්න ඕනෙත් නැ, ඒවගේම ඉතින් ඕවට යන වියදමුත් ටික ටික ඉතුරු කර ගන්න පුළුවන්, ඊටත් වැඩිය වැඩකරන අයට දැන් කලේ දෙන්න ඕනේ ගානත් ඉතින් ලේසි පහසු නැනේ එකත් ඉතුරු කර ගන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවම අපි සල්ලි දීල, නිරපරාදේ මහන්සි වෙලා, සැප ගන්නවා කියල හිතාගෙන අරගෙන තියෙන්නේ ලෙඩ නේද? පොඩ්ඩක් හිතල බැලුවොත් මේ ක්‍රමය වෙනස් කරලා මීට වඩා සාර්ථක ක්‍රමයකට යන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් ප්‍රයෝගික ගැටලුත් තියෙනවා කියල අපි පිලිගන්න ඕනේ. එත් එක්කම තවත් අය කියයි මු මෙතන ඉදන් බයිලා ගහනවා කියල. හැබැයි මම නන් තාම වැඩකාරයෝ පාවිච්චි නොකර ගෙදර වඩා ඔක්කොම කරගෙන ආතල් එකේ ඉන්නවා. අනෙක ඉතින් දැන් අපේ වඩා පහසු කර ගන්න කොච්චරනං ක්‍රම තියෙනවද? ඒවත් ඉතින් ටිකක් අත්හදා බලන්න පුළුවන්, මොකද ඉතින් මම ඉස්සෙල්ල පෙන්නුවා විදියට මාසෙකට සැහෙන ගානක් අපිට ඉතුරු කර ගන්න පුළුවන් නේ.
ඉතින් පොඩ්ඩක් හිතන්න, හැමෝටම බැරි වෙයි ඒත් ටික දෙනෙකුට හරි වැඩකාරයෝ නැති , ලෙඩ අඩු ජීවිතයකට යන්න පුළුවන් වෙයි. මතක තියා ගන්න අපි හිතන විදිය අනුව තමයි හැම දේම තීරණය වෙන්නේ. වෙනස් කරන්න ඕනේ අපි හිතන විදිය විතරයි, නැතුව අපිට ලෝකේ වෙසන් කරන්න බැ, එහෙම කරන්න ඕනෙත් නැ. ඉතින් ට්‍රයි කරලා බලන්න. Try  and  Try  One  Day  You  Can  Fly.


වැරදිලා හරි fly  කරන්න ඔයාටත් පුළුවන් උනොත් අපිටත් කියන්න අපිත් අසයි photo  එකක් එහෙම අරන් මේකේ දන්නා.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...