Friday, September 2, 2011

දියවැඩියාව නව අරුතක්

ඉස්සෙල්ලම කියන්න ඕනේ මම දොස්තර කෙනෙක් නං නෙමේ. හැබැයි අපි දියවැඩියාව ගැන හිතන විදිය පොඩ්ඩක් වෙනස් කර ගන්න උදවු වෙයි කියල හිතෙන කතාවක් තමයි මම මේ කියන්න යන්නේ. ඇත්තටම මොකද්ද මේ දියවැඩියාව කියන්නේ? එක ලෙඩක්ද? මම හිතන විදියට නං එක ලෙඩක් නෙමෙයි. අයි මම එහෙම කියන්නේ, එකට හේතු මම එකින් එක පැහැදිලි කරන්නන්. මුලින්ම කියන්න ඕනේ දියවැඩියාවට තාම බේතක් හරියට නැ, තියෙන බේත් වලින් කරන්නේ පාලනය කරන එක විතරයි. අයි මේකට බේත් නැත්තේ, මම කියන්නේ එහෙම වෙන්නේ දියවැඩියාව ලෙඩක් නොවෙන නිසා. එතකොට බේත් නැති ඔක්කොම ලෙඩ, ලෙඩ නෙමෙයි ද? පොඩ්ඩක් ඉන්න මම කියල ඉවර නැනේ. එහෙම නෙමෙයි අපි පොඩ්ඩක් හිතුවොත් දියවදියාවේ ලක්ෂණ ගැන ඔයාලටම තේරෙයි එක කිසිම හැඩයක් නැති එකක් කියල.

මම ඔය දියවැඩියාව ගැන හිතන්නේ මෙහෙමයි. මේක ටිකක් පැහැදිලි කරන්න කලින් මම ඔයාලට පොඩි science පන්තියක් දානවා. මොකද අපි හැමෝම එක වගේ ඕව දන්නේ නැනේ. මහා ලොකු දෙයක් නෙමෙඉ බොහොම පොඩි එකක්. මොකද්ද? අපි අහල තියෙනවා මේ ලෝකේ තියෙනවා කියල යම්කිසි සමතුලිතතාවක්, එක බිඳුණු දාට මේ ලෝකේ විනාස වන්න පුළුවන්. ඒ කියන්නේ අපිට බැහැ මේ සමතුලිතතාව බිදින්න. තවත් විදියකින් කියනවා නැ අපිට බැ මේ ලෝකෙන් කිසිම ශක්තියක් ඉවත් කරන්නවත් කිසිම ශක්තියක් මේ ලෝකෙට එකතු කරන්නවත්. එහෙම කලොත් මේ ලෝකේ තියෙන සමතුලිතතාව බිද වැටිලා අපිට ලොකු ගැටළු වලට මුණ දෙන්න වෙනවා. එහෙනං අපි පහ වසරේදී ඉගෙන ගත්තේ යම් කිසි දෙයක් දවල අපිට ශක්තිය නිපදව ගන්න පුළුවන්, හුලං බලෙන් ශක්තිය  නිපදවන්න පුළුවන්, ගලන ජලයෙන් ශක්තිය නිපදව ගන්න පුළුවන් ... වගේ කතා. ඉතින් මේවා බොරුද? මේවා බොරු නෙමේ අපිට තේරුම් ගිය විදිය වෙන්න ඇති වැරදි. මෙතැනදී වෙන්නේ ශක්තිය ජනනය වීමක් නෙමෙයි, ශක්ති පරිවර්තනයක්. සරලවම කිඋවොත් එක දෙයක තිබ්බ ශක්තිය තව දෙයකට පරිවර්තනය වෙනවා, එකෙන් පිට වෙන ශක්තියෙන් අපි යම් කිසි වැඩක් කර ගන්නවා. සරල උදාහරණයක් ගමු, අපි කියමු, පත්තර කොලයක් දවනව කියල. එතකොට වෙන්නේ ඒ පත්තර කොලේ තිබුණු රසායනික ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වීමක්, එහෙම නැතුව තාප ශක්තිය නිපදවීමක් නෙමෙයි.


 ඉතින් දැන් මොකද්ද මේකෙයි දියවදියාවෙයි තියෙන සම්බන්දය. අපි මේ මම කියපු සමතුලිතතාව ගැන හිතල බැලුවොත් , අපි කම කනවා කියන්නේ මේ ලෝකේ තිබුණු යම්කිසි ශක්ති ප්‍රමාණයක් අපගේ අගට ඇතුළු කර ගන්නවා කියන එක. එකියන්නේ කම වල තිබුණු රසායනික ශක්තිය අපේ අගට අවශෝෂණය කර ගන්නවා කියන එක. කම වලට කොහෙන්ද ශක්තිය අවේ, එක එන්නේ පොළොවෙන්, වාතයෙන්, කොටින්ම කිවුවොත් සොබාදහමින්. ඒ කියන්නේ අපි දැන් සොබාදහමේ තිබුණු යම් ශක්ති ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ, එතකොට යම් ශක්ති ප්‍රමාණයක් මේ ලෝකෙන් අඩු වෙනවා හැබැයි මම අර කලින් කියපු වාදය දැම්මොත් මෙහෙම වෙන්න බැ. ශක්තිය අඩු වෙන්නවත් වැඩි වෙන්නවත් බැ. එහෙනං අපි නැවත අපි මේ ලබා ගත්ත ශක්තිය සොබධහමට දෙන්න ඕනේ. එක කොහොමද කරන්නේ? එක අපි නිරායාසයෙන්ම කරනවා. අපි ඇවිදිනකොට, අපි වැඩ කරනකොට, අපි හුස්ම ගන්න කොට... ඔය විදියට අපි කරන හැම වැඩකින්ම අපි අයෙමත් අපි ගත්තු ශක්තිය නැවත ශෝබදහමට ලබා දෙනවා. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් හැබැයි, මේ විදියට මේ සමතුලිතතාව තියෙන්න ඕනේ මේ ලෝකේ පැවැත්මට.


දැන් අපි මෙහෙම හිතමු. කවුරු හරි කෙනෙක් ගොඩක් කම කනවා, හැබැයි එය වැඩ කරන්නේ ටිකක් අඩුවෙන්. මෙතන මම වැඩ කරන්නේ කියන්නේ අග හොලවල කරන වැඩ විතරක් නෙමේ, මොලේ වෙහෙසල කරන වඩාත් මේකට අයිතියි. තවත් විදිහකට කිව්වොත් මෙය වැඩියෙන් මේ ලෝකෙන් ශක්තිය අර ගන්නවා හැබැයි එය අපහු ඒ ශක්තිය දෙන්නේ අඩුවෙන්. මේ වැඩේ දිගටම උනොත් මොකද වෙන්නේ, මේ ලෝකෙන් ශක්තිය ටික ටික අඩු වෙනවා හැබැයි ඒ අඩු වෙන ප්‍රමාණයට නැවත මේ ලෝකෙට ශක්තිය ලැබෙන්නේ නෑ. මේ ක්‍රියාවලිය කෙලින්ම මේ ලෝකේ සමතුලිතතාවට බල පනවා, නමුත් අපි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපිට බැ මේ ලෝකේ වෙනස් කරන්න. හැබැයි ගොඩක් දෙනෙක් එහෙම කරන්න ට්‍රයි කරනවා, එත් එයාල දන්නෙම නැතුව මුළු පරන්පරා පිටින්ම වලපල්ලට යනවා. කොටින්ම කියනව නං අපි මේ ලෝකෙට ඕන විදියට ජීවත් වෙනවා මිසක් අපිට බැ මේ ලෝකේ වෙනස් කරන්න. ඔන්න ඔතනදි තමි දියවැඩියාව කියන දේ එලියට එන්නේ. අපි ගොඩක් කනවා, හැබැයි අපි ඒ කම වලින් අපි ගත්ත ශක්තිය නැවත ලබා දෙන්නේ නැ. දැන් ඉතින් සොබාදහමට සිද්ද වෙනවා මේ පුද්ගලයට කියන්න මෙහෙම හරි යන්නේ නේ ඔය මගේ සමතුලිතතාව බිදින්න තමයි හදන්නේ කියල. ඉතින් සොබාදහමට සිංහල පුළුවන් යැ ඕක අපේ මිනිසුන්ට කියන්න. ඉතින් එය පොඩි රතු එළියක් දල්වනවා, අපේ අග ඇතුලෙම. එක තමයි ඔය දියවදියව කියන්නේ. ඔය මම කියපු සිද්දිය අපිට හරියට දැනෙන්නේ නැති උනාට දියවැඩියාව කියන එක අපිට මනින්න උනත් පුළුවන්. දැන් ඒවාට ඕන කරන මීටර් හදල තියෙනේ කියල ඔයාල දන්නවා නේ. ඉතින් ඔය විදියට සොබාදහම අපිට කියනවා ඔය කනවා වැඩියි එක්කෝ කම අඩු කරන්න නැත්නං වැඩියෙන් වැඩ කරන්න කියල. ඔය දේ නේද දැන් දොස්තරලා අපිට කියන්නේ දියවැඩියාවට බේත් ගන්න ගියාම. අන්න එහෙනං සොබාදහම අපිට කතා කරලා කිව්ව එයාගේ පණිවිඩය.


ඉතින් අපි මේ පණිවුඩයට ඇහුම්කන් දුන්නේ නැත්නං මොකද වෙන්නේ, එය තව ටිකක් තදින් සිග්නල් එක දෙනවා. ඊට පස්සේ අපි කියනවා අපිට sugar වැඩියි කියල. ඊට පස්සේ අපිට බලෙන්ම කම අඩු කරන්න වෙනවා, බේත් බොන්න වෙනවා, exercise කරන්න වෙනවා ඔය වගේ නොයෙක් දේවල්. හැබැයි අපි මේවා ගැන හිතන් නැතුව දිගටම අපි දිනචරියාව කරගෙන යනවා නං මොකද වෙන්නේ? සොබාදහමට බැ තවත් ඒ මනුස්සයව මේ ලෝකේ තිය ගන්න මොකද එහෙම උනොත් එක මේ ලෝකේ සමතුලිතතාවට ලොකු බලපෑමක්. එහෙම අයව මේ ලෝකෙන් ඉවත් කරන්න වෙනවා බලෙන් හරි එකට අපි කියනවා එය මැරෙනවා කියල. ඉතින් සොබාදහම කෙනෙක් මැරුවම හරිද? ඒ මනුස්සය ඉන්නකන් කල කල මේ ලෝකෙන් විනාස කරපු ශක්තිය අපහු මේ ලෝකෙට ලැබෙනවද? ඒ අඩු වුන ශක්තිය නිසා ඇති උන අසමතුලිතතාව නිවැරදි වෙනවද? අපිට වැඩිය සොබාදහම දියුණුයි. මිනිහෙක් මැරුණම එක්කෝ වලලනව නැත්නම් පුච්චනවා. ඒ මොන දේ කලත් බලන්න ඒ මනුස්සයාගේ ඇගේ තිබුන ශක්තිය නැවත සොබාදහමට ලැබෙනවා නේද? එක්කෝ ඒ ශරීරය දිරල ගිහින් එහෙම නැත්නම් එක පිච්චේනකොට තාප ශක්තිය සහ වෙනත් ශක්තින් ලෙස අර අඩු වුන ශක්තිය නැවත මේ ලෝකෙට ලැබෙනවා. ඔය විදියට බලෙන් හරි මේ සොබාදහම එයාගේ සමතුලිතතාව රැක ගන්නවා. මම හිතනෙන් නැ මේක අසාදාරණයි මොකද සොබාදහම කලින්ම අපිට දන්වනවා අපි වැඩිපුර පරිබෝජනය කරන්නව බැහැයි එකට හරි යන්න වැඩක් කරන්නේ නැ කියල.


මම හිතන විදියට දැන් ඔයාලට තේරෙනවා මොකද්ද මේ දියවැඩියාව කියන්නේ කියල. මේක මගේ අදහසක් විතරයි, හැබැයි මට හිතෙනවා මේ අදහසින් දියවැඩියාව ලෙඩක් කියල එකට බයේ ඉන්නවට වඩා මේ විදියට තේරුම් ගත්තම එක පාලනය කර ගන්න ලේසියි කියල. ඉතින් මොකද්ද මේකන් අපිට ගන්න ඕනේ දේ කෑම ටිකක් අඩු කරලා ඇග පොඩ්ඩක් වෙහෙසල වඩා කරලා රටටත් වැඩක් තියෙන අපිටත් වැඩක් තියෙන කෙනෙක් වෙන්න කියන එක තම.
ඉතින් මේ පණිවුඩය ඔයාල දන්නා කියන හැමෝටම කියන එක හොදි කියල මම හිතනවා. මොකද මේ තත්වෙට හැමෝම පත්වෙන නිසා අඩු වැඩි වශයෙන්. ඉතින් ඔයාලගේ අදහසත් එකතු කරන්න, හැබැයි මතක තියා මේක දියවැඩියාවට නව අරුතක් විතරයි මේක දියවැඩියාවට බේත නෙමෙයි. 

1 comment:

  1. මම නම් දොස්තර කෙනෙක් ....

    හොදට ලියලා ටිය්නවා..හොද වැඩක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...