Thursday, September 15, 2011

තිරිසන් ලේ සහ රාජ ලේ (Animal Blood and King Blood)

අද මාතෘකාව දැක්කම නං එක පාරට හිතා ගන්න බැරුව ඇති මම මොකද්ද අද කතා කරන්න යන්නේ කියල. මේකෙනුත් ඉතින් කතා කරන්න හදන්නේ අපි අපි ගැනම තමා. වැරදියට හිතන්න එපා මම මේ කාටවත් දොස් කියවන එහෙම නෙමේ, මගේ අදහස තමා මෙතන ලියල තියෙන්නේ ඉතින් තරහ නැතුව පොඩ්ඩක් ඒ ගැන හිතල බලමු. මම අද ඇත්තටම කතා කරන්නේ අවිහිංසාවාදය ගැන. අපේ අය අතෙරේ ඉතින් එක එක වාද තියෙනවා නේ, එය අතරින් තවත් එක වාදයක් තමයි ඔය අවිහිංසාවද. අයි මට අද අවිහිංසාවාදය ගැන කතා කරන්න හිතුනේ? මේකයි ඇත්තටම මම එච්චර කැමති නෑ සත්තු මරනවට, හැබැයි මම අද කතා කරන්න යන්නේ ඇත්තටම අපිට සත්තු මරණ නැතුව අපේ ජීවිතය ගෙනියන්න බැරිද කියන එක ගැනයි. මොකද මම අහල තියෙනවා ගොඩක් අය කතා කරනවා නිර්මාන්ෂවෙලා ජීවිතේ ගෙවන්න බැ, නිරෝගී ජීවිතයක් ගෙවන්න ඕනේ නං මාංශ කොටස් අපේ ආහාරයට ගැනීම අනිවාර්යයි කියල.  මේ කතාවේ තියෙන්න ඇත්ත නැත්ත පොඩ්ඩක් වෙනස් විදියකට කතා කරන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ.

මුලින්ම අපි බලමු ඇත්තටම අපිට මස් මාංශ ආහාරයට ගන්නේ නැතුව ඉන්න පුලුවන්ද කියල. ඇත්තටම අපිට ශාක ප්‍රෝටීන විතරක් මදිද? ඔය සමහර කියනවා වගේ සත්ව ප්‍රෝටිනත් ඕනෙද? අපි මස් නොකැවොත් අපේ ශරීරය දුර්වල වෙනවද? අපිට නළුවෝ නිලියෝ වගේ ලස්සන වෙන්න බැරිද? අපේ මොලයේ වැඩීමේ යම්කිසි අඩුකමක් වෙනවද? කොටින්ම කියනවා නං අපි මස් මාංශ නොකැවොත් මොකද්ද අපිට වෙන අඩුව? මම මේක එච්චර සිද්ධාන්තික වශයෙන් පැහැදිලි කරන්න යන්නේ නෑ, මොකද ඒ පැහැදිලි කිරීම මේ වෙනකොට ගොඩක් අය කරලා තියෙනවා. ඒවගේම මම මෙතන බලාපොරොත්තු වෙන්නේ අලුත් විදියකට මේ දෙස බලන්න. අද ලෝකේ ඉන්න ලෝකපුජිත වෙච්ච පුද්ගලයෝ කිහිප දෙනෙක් අරන් බලමු එයාල ඇත්තටම මස් මනස කාපු නිසාද එහෙම උනේ කියල. මම පලවෙනි උන්දහරණය අපි දන්නා අපේම කෙනෙක් ගන්නන්, මෙයා ලෝක ප්‍රසිද්ධ නැති උනත් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ නළුවෙක්, නමින් රොෂාන් රණවන මහතා, ඒවිතරක් නෙමෙයි මොහු ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයේ උපදේශකයෙක් විදිහටත් කටයුතු කරනවා. මොහු බොහොම පොඩි කලේ ඉදන් නිර්මාංශ වෙච්ච කෙනෙක්. අපි ගොඩ දෙනෙක් හොදට දන්නා ලෝකයක් ආදරය කරන සටන් නළු Bruce Lee  මහතා එකදිගට world  tournament එක ජයග්‍රහණය කරන කලේ ඔහු සම්පුර්ණයෙන්ම නිර්මංසා වෙච්ච පුද්ගලයෙක්.  Lance  Armstrong  මහතා ලෝකශුර බයිසිකල් දවන ශුරය, මොහුට testicular  cancer  එකක් හදුනා එයින් පස්සේ මොහු සම්පුර්ණයෙන්ම නිර්මාංශ පුත්ගලයෙක් උනා. දොස්තර වරු කිවුවේ මොහුට එච්චර කාලයක් ජීවත් වෙන්න බැහැකියල නමුත් ඔහු දැන් cancer  එක හොද කරගෙන මේ ලිපිය ලියන මොහොත වෙන කොටත් ඉතාමත් හොදින් ඉන්නවා, ඒ වගේම තමා ඔහු බයිසිකල් ශුරතාව සදහා සටන් වදිනවා. මේ විදියට මට තව ගොඩක් උදාහරණ දෙන්න පුළුවන් නිර්මංසා වුනත් ලෝකය ජයගත් මිනිස්සු ගැන. මේ පුද්ගලයන්ගේ කියන්න තරඟ කිසි අඩුවක් නෑ, ලස්සනේ අඩුවක් නෑ, ශක්තියේ අඩුවක් නෑ, හැකියාවේ අඩුවක් නෑ, දිරියේ අඩුවක් නෑ, නුවනේ අඩුවක් නෑ. මම හිතන්නේ විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිපල ගැන කතා කරනවට වඩා මේ අපි හොදට දන්නා උදාහරණ ටික හොදටම ඇති වෙන්න ඕනේ නිර්මාංශ වීම හා අපේ ශරීරයේ වැඩිම අතර කිසිම සම්බන්ද තාවක් නැහැයි කියන එක ඔප්පු කරන්න.

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, ඔයා නිර්මංසා වෙලා කන්නේ බතුයි පරිපුයි විතර නං එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම උනොත් ඔයාගේ වැඩීමට ඔයාට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ සියල්ලම ඔයාට නොලැබෙන්න පුළුවන්. එහෙනං කොහොමද හරි විදියට නිර්මංසා වෙන්නේ. ඔයා නිර්මාංශ වෙන්න කලින් හිතල බලන්න ඔයා නිර්මාංශ උනොත් ඔයාට කන්න දෙයක් තියෙනවද කියල. හැබැයි ගොඩක් අය එහෙම හිතුවොත්, එයාලට ලැබෙන උත්තරේ තමයි මට කන්න දෙයක් නෑ කියන එක මස් ඇරෙන්න. මේක හරිම ආත්මාර්ථකාමී අදහසක්, ඇත්තම කිවුවොත් අර කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කර ගන්නවා වගේ එකක් එක. ඔයාල අහල ඇති අපේ කට්ටිය මේ මස් කන එක සධානීකරණය කරන්න කොච්චර රස කතා ගොතාගෙන ඒවා කියා කියා අහිංසක සත්තු මරාගෙන කනවද කියල. මම ඒ කතා මෙතන කියන්න යන්නේ නෑ, ඒවගේම තමයි සමහර ආගම් වලත් එක එක බොරු උගන්වල තියෙනවා, සහ මේ මස් කෑම සාධාරණිකරණය කරලා තියෙනවා. හැබැයි ඇත්තටම බැලුවොත් මස් නොකවට අපිට කන්න ගොඩක් දේවල් තියෙනවා, අපිට ධාන්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා, සහල් කියන්නෙත් එක ධාන්‍ය යක් විතරයි. එකෙත අපි සුදු හාල්, රතු හාල් කියල දෙකක් බෙදනවා. ඔයා රතු හාල් ගත්තොත් එකේ ප්‍රබේද විශාල ප්‍රමාණයක් තියෙනවා, ඒවගේම එළවලු විශාල ප්‍රමාණයක් තියෙනවා. පලතුරු ඊට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. තව හතු වර්ග බොහොමයක් තියෙනවා හොදින් අපිට පෝෂණය ලබා දෙන. අපි ඔක්කොම මස් කැවත් අපිට අපිට තියෙන්න මස් ජාති තිහක් විතර තමා, හැබැයි අපිට නිර්මාංශ කෑම ජාති සියගණනින් හොයා ගන්න පුළුවන්. ලෝකේ සමහර රටවල් තියෙනවා ඒවායේ එච්චර ස්වබාවික ආහාර නෑ. එහෙම කට්ටිය වැඩිය මස් වලට පුරැදු වෙලා තියෙනවා, එත් අපිට එහෙම වෙන්න ඕනෙද කියල අපිම හිතල බලන්න වටිනවා. හැබැයි ඉතින් අවාසනාව කියන්නේ සමහර දොස්තරලා පවා මස් කන්න ඕනෙමයි කියල කියනවා, මේකත් මහා ඛේදවාචකයක්. හැබැයි ඔයා සමහර දොස්තරලා කියන හැම දෙයක්ම හරිද කියල හිතල බලන්නත් ඕනේ. මොකද වැස්සකට වත් medical  college  නොගිය අපි පවා දන්නවා දුම්බීම ශරීරයට අහිතකරයි කියල, නමුත් අද දොස්තර වරු කි දෙනෙක් දුම්පානය අතරගන්න බැරුව ඉන්නවද? ඉතින් එහෙම දොස්තර කෙනෙක්ට කටක් ඇරලා තමන්ගේ රෝගියෙකුට කියන්න පුලුවන්ද දුම්බීම හොද නැහැයි කියල, හැබැයි ඉතින් එහෙම කරන අයත් ඇති. ඔයවගේ තමා මස් කන එකත්, දොස්තරලට ඕකෙන් ඇත වෙන්න බැ ගොඩක් දෙනෙකුට ඉතින් එයාලත් ඕකට එච්චර විරුද්ධ නෑ. සමහර විට ලෙඩ්දුන්ටත් කන්න නියම කරනවා, මේක මම නං දකින්නේ එකේ විපාක නොදැන කරන දෙයක් නෙමෙයි, එයාලගේ තියෙන කුහක කමට කරන වැඩක්. තව පොඩි දෙයක් කියන්න ඕනේ, සමහර නායකයෝ, ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ, තව ඔය වගේ ලොකු ලොකු අය මම දැකල තියෙනවා TV  එකේ එහෙම කියනවා, වෙළද දැන්වීම් වලට පෙනී හිටිනවා මම කන්නේ අර මස්, මම කන්නේ මේ මස්, අරව කෑවම මේවා කරන්න පුළුවන්, ඒවා කෑවම මම වගේ ලස්සන වෙනවා, ඔය වගේ අනේකවිද බොරු. මම නං හිතන්නේ අහිංසක මිනිස්සු කොට්ටාශයක් වැරදි මගට දැමීම කියන පාපයෙන් නං එයාලට බේරෙන්න බැ.


දැන් ඊළගට එන ප්‍රශ්නය තමයි, කොච්චර නිර්මංසා ආහාර තිබුනත් අපි ඒවා කන්න කැමතිද කියන එක. ගොඩ දෙනෙක්ට ඔය නිර්මාංශ රස අල්ලන්නේ නෑ, මස් රස, තෙල් රස වගේ ඒවම තමා හොයන්නේ. එකට විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා මාංශ ප්‍රෝටීන් වලට මිනිස්සුන්ගේ වැඩි කැමැත්තක් තියෙනවා. ඒක තමයි ඔය VAT69 කියන wishky  ජාතිය ඔච්චර ප්‍රසිද්ධ සත්ව ප්‍රෝටීන නිසා. දැන් අපි පොඩ්ඩක් මෙහෙම හිතමු. අපේ ඇග අඩි 6 විතර උනාට ඕකෙන් අපිට රස දැනෙන්නේ අගල් 2 ක් විතර පොඩි දිවෙන්. ඉතින් කටේ ඉදන් අගල් 2 ක් විතර වන පොඩි දුරකට රස වින්දනය දෙන්න තමයි අපි ඔය අහිංසක සතෙක්ගේ ජීවිතයක් බිල්ලට ගන්නේ. ඔය අගල් දෙකෙන් පස්සේ මසුත් එකයි, මලුත් එකයි, එලවලුත් එකයි, පලතුරුත් එකයි. ඉතින් ටිකක් හිතල බලන්න ඔයාල මස් රස හොයන්නේ කොච්චර පොඩි වෙලාවකටද, නමුත් ඒ වෙනුවෙන් සතෙක් මොන තරම් දුකක් විඳිනවද? අනෙක් කාරණය තමයි අපි ගොඩක් දෙනෙක් කියනවා මේ හොයා ගන්න නැති නිසා එහෙම නැත්නං අනෙක් අයට කරදරක් නිසා මම නිර්මාංශ වෙන්නේ නෑ කියල. ඇත්ත වෙන්න පුළුවන් අපිට සමහර අවස්ථා එන්න පුළුවන් නිර්මාංශ ආහාර හොයා ගන්න අමාරු වෙන, උදාහරණයකට අපි party එකක් ගමු සමහර විට ඒ අය මස් මාංශ වැඩිපුර පාවිච්චි කරන අය නං එතන ගොඩක්ම තියෙන්න පුළුවන් මාංශ ආහාර වෙන්න පුළුවන්. නමුත් ඉතින් අපේ ප්‍රතිපත්තියක් තියෙනවා නං අපිට නොකා ඉන්න පුළුවන්. මොකද පාටියකට ගිහින් පොඩ්ඩක් අඩුවෙන් කැවය කියල අපිට මුකුත් නැති වෙන්නේ නැනේ. දැන් බලන්න මම අර කලින් කතා කරපු නළුවන්ට ඔය වගේ කොච්චර party  වලට යන්න වෙනවා ඇත්ද? නමුත් ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති පවා දෙන්නේ නැතුව නියම මහත්තුරු වගේ ජීවත් වෙන්නේ. 
තව පොඩි දේවල් ටිකක් තමයි මට කියන්න තියෙන්නේ. ඒවා තමයි මේ සමාජයේ තියෙන දුර්මත කිහිපයක් ගැනත් මම වෙනස් විදියකට කතා කරන්න හිතුව. ගොඩක් වෙලාවට මිනිස්සු මේ ආගම් බදාගෙන ඒවායේ කියල තියෙනවා හෝ, ඒවායේ එපා කියල නැනේ කියල, මස් කෑම සාධාරණිකරණය කරන්න හදනවා. ඉස්සෙල්ලම මට මේ ලගදි අහන්න ලැබුණු දෙයක් මෙතන සදහන් කරන්න කැමතයි. ඒක තමා මේ බුද්ධාගමේ නැත්නම් බුදුන්ගේ දේශනාවේ ට්‍රිකොටික පරිශුධ්ධ මාංශයක් ගැන කතා කරනවය, එහෙම මාංශයක් කෑවට කමක් නෑය කියල තියෙන මතය. ඉතින් මම හොයල බැලුව මොකද්ද මේ කියල ලගදි TV  එකේ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකකදී ඔය ගැන කතා උනා. මොකද්ද ඇත්තටම මේ ත්‍රිකෝටික පරිශුධ්ධ මාංශය කියන්නේ? ත්‍රිකෝටික පරිශුධ්ධ මාංශය කියන්නේ, මම නොවන, මගේ අනුදැනුමින් තොරව, මම වෙනුවෙන් නොමරු, මට කිසිදු අවිස්වාසයකින් තොරව, අනුභව කල හැකි මාංශයක් ඇතොත් ඒක කෑවට කමක් නෑය කියන ඒක. අපි දැන් බුද්ධිමතුන් ලෙස මේ ගැන පොඩි විග්‍රහයක යෙදෙමු. අපි දැන් කඩෙන් ගිහින් මස් අරන් ඇවිත් කනකොට හරි, නැත්නම් උයල තිබුන මස් කනකොට හරි ඒ මස් ඔය කියන ත්‍රිකෝටික පරිශුධ්ධ මාංශයට වැටෙනවද? ඇත්ත මම කියල නෙමෙයි තමයි ඒ සත්ව මරල තිබුනේ, හැබැයි මම ඒක ගන්න එන නිසා තමයි, එහෙම නැත්නම් මම ඒවා පරිබොජනය කිරීම තුල තමයි මේ කියන මර්කෙට් ඒක හැදුනේ. ඒ ඉල්ලුම නිසා තමයි නැත්නම් ඒ මර්කෙට් ඒක තමයි මේ සතාව මරන්නේ. එහෙනං මම නෙමෙයිද ඒ සත්ව මරල තියෙන්නේ, මගේ අනුදැනුමක් නැතිවද එහෙම වෙලා තියෙන්නේ අවසාන වශයෙන් මට කිසිදු චකිතයකින් තොරව අනුභව කරන්න හැකි මසක්ද ඒක? බොහොම සරලව කිවුවොත් ඔය බුදුධහමේ උගන්වන ත්‍රිකෝටික පරිශුධ්ධ මාංශය කියන ඒක අපිට කවදාවත් හමු වෙන්නේ නෑ. එහෙනං මොකද්ද මේ වෙනත් අයුරකින් කියල තියෙන්නේ, මස් කන්න එපා කියන එකම නේද? හැබැයි අපේ සමහර උපාසක අය මේ ඉගැන්වීම වැරදියට යොදාගෙන ඒක දඩමීම කරගෙන රස කර කර මස් බුදිනවා නේද? මේ හැම දෙයක්ම බොහොම සරලව පැහැදිලි කරන්නේ මේක කියවල නිකන් ඉන්න නෙමේ මේ දීල තියෙන සාදක එක්ක ඔබම තර්ක කරන්න ඔබට තේරෙනාවන් ඔබ කරන්නේ වැරද්දක් කියල විතරක් එකෙන් ඇත වෙන්න නැතුව, බොරු අදරෙටවත්, අනුකම්පාව නිසාවත්, වෙනත් හේතුවක් නිසා වත් මේකෙන් ඇත වෙන්න එපා. තමා තමන්ට අවංක වෙන්න, එතකොට හොද ශක්තිමත් ප්‍රතිපත්තියක ඔබට රැදිලා ඉන්න පුළුවන්. තව අය අහනවා ත්‍රිපිටකේ කොහෙද මස් කන්න එපා කියල තියෙන්නේ කියල. තව කට්ටියක් කියනවා මස් ජාති 10 ක් කෑවට කමක් නෑ කියල තියෙනවය කියල. මේ වගේ අදහස් දරන්නේ බුද්ධාගම ගැන කිසිදු දැනීමක් නැති උදවිය. මොකද මම එහෙම කියන්නේ, බුද්ධාගමේ කොහෙවත් කියල නෑ මේක කරන්න , මේක කරන්න එපා කියල. බුද්ධාගම නැත්නං බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ ලෝකේ පවතින සත්‍යය එලියට අරන් පෙන්වීමක් විතරයි. මෙන්න හොද දේවල් ඒවා කලොත් මෙන්න හොද විපාක, මෙන්න නරක දේවල් නරක කොලොත් මෙන්න නරක විපාක කියල පැහැදිලි කරලා දෙන ඒක විතරයි බුදුධාමේදී කෙරෙන්නේ. නැතුව අරව කරන්න එපා, මේවා කරන්න වගේ අණ දීම මේ ධහම තුල නෑ. ඒවගේම මම දන්න ඉගෙනගෙන තියෙන විදියට, අනෙක් කිසිම ආගමකත් නෑ අහිංසක සත්තු මරාගෙන කන්න කියල. මේක වැරදි නං අපේ අනෙක් ආගමික සහෝධර සහෝධාරියෝ නිවැරදි කරන්න, හැබැයි සමහර අය තමන්ගේ වාසියට සමහර හොද ඉගැන්වීම් පවා වෙනස් කරගෙන තියෙනවා. මම ඒ අදහස් ගැන ලියන්න යන්නේ නෑ එහෙම උනොත් මේ ලිපිය ගැන සමහර පිරිස් වපර ඇසින් බලන්න පුළුවන්, කෝප වෙන්න පුළුවන් එහෙම උනොත් මේ ලිපිය ලියපු එකේ මුලික පරමාර්ථ විනාස වෙනවා. ඒක නිසා මං හැමෝටම ආරාධනා කරනවා තම තමන් තනියම මේවා ගැන හිතන්න. එතකොට හැමෝටම සත්‍යය දකින්න පුළුවන් වෙයි.


අපි මෙච්චර වෙලා කතා කලේ, මස් කන එක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනෙද? අපිට වෙන විකල්ප තියෙනවා? මස් නොකැවොත් අපිට මොනවා වෙනවද? යනාදී කරනා කිහිපයක්. නමුත් තවත් වැදගත් පැත්තක් තියෙනවා කතා කරන්න. එක තමයි මස් කෑවොත් අපිට වෙන අනිටු විපාක මොනවද කියන එක. මේ ගැන හොදට හිතල බලන්න, සමහර අය කියනවා වගේ මස් නොකවම අපේ ඇගේ යම් දුර්වල කම් ඇති වෙනවනම් ඒවා ගැන අපි ඔච්චර වද වෙනවා නම්, මස් කෑවම අපිට හැදෙන ලෙඩ ගැනත් එයාල ගොඩක් කරදර වෙයි. මොකද මේවා ගොඩක් දරුණු ලෙඩ, ඒ වගේම ඒවා අපි ගන්නේ සුපිරි මිලක් ගෙවල වීම. අපිට ඉතින් නිකන් ලැබෙන පෝෂනෙට වඩා, සුපිරි ලෙඩ හැදෙන එක ගැන තියෙන්නේ එසේ මෙසේ ආඩම්බරයක් නෙමෙයිනේ. මේ ලගදි ටිකක් අමුතු පුවතක් මට දකින්න ලැබුන, ඒ තමා අවුරුදු හතරක දැරියක් වැඩිවිය පැමිණ තිබීම. මේක වෙන්න පුලුවන්ද? නැත්නං මේක ගොතපු කතාවක් ද? මට නං කියන්න පුළුවන් මේක හොදටම ඇත්ත වෙන්න පුළුවන් කතාවක්. මොකද දන්නවද? අපි අපේ ළමයින්ට මස් මලු වැඩිපුර කන්න පුරුදු කලොත් මොකද වෙන්නේ. එයාල ටික දවසකින් මස් මලු නැතුව කන්නෙම නෑ. ඊට පස්සේ ඉතින් අපිට වෙන විකල්පයක් නෑ මස් මලු එක එක විදියට හදල දෙනවා ඇරෙන්න. එහෙම කලොත් මොකද්ද වෙන්න? ළමය හොදට වැඩෙන එකද, නැත්නං ළමය හොදට ලෙඩ වෙන එකද? අපි පොඩ්ඩක් බලමු වේ බොයිලර් කුකුල් මස් කොහොමද හදන්නේ කියල. සාමාන්‍යයෙන් බ්‍රොයිලර් කුකුල් පැටියෙක් දින 45 කදී වගේ ලොකු වෙලා මසට ගන්න පුළුවන් තරමට හැදෙනවා. මේක වෙන්නේ කොහොමද, මේ කුකුළු පැටවූ හෝමෝන දීල වෙනස් කරපු උන්, ඒවිතරක් නෙමෙයි දැන් තියෙන ඉල්ලුමට සැපයීම මදි නිසා දවස් 45 යන්න ඕනේ බ්‍රොයිලර් පටිය දවස් 30 න් ලොකු කරලා ගන්නවා. මේක කරන්නේ කොහොමද, වැඩිපුර හෝමෝන ලබාදීලා සහ වෙනත් අනේකවිද බෙහෙත් දීල. දැන් මොකද වෙන්නේ මේ කුකුළා මරල ගත්තම උගේ ඇගේ තියෙන්න ඕන හෝමෝන ප්‍රමාණයට වඩා ගොඩක් වැඩිපුර හෝමෝන තියෙනවා.
ඉතින් මේ කුකුල් මස් අපි අපේ ළමයට හැමදාම දුන්නොත් මකාද වෙන්නේ අපේ ළමයාගේ ඇගේත් ඕනවට වඩා හෝමෝන මට්ටම වැඩි වෙනවා. ඒ වගේම අහිතකර හෝමෝන ත් ළමයාගේ අගට යනවා. අපි දන්නවා වැඩි විය පැමිණීම, ශරීරයේ සිදුවන් යම් යම් වෙනස් වීම්, නියම කලට වෙලාවට සිදු වන්නේ අපේ ඇඟේ තියෙන හෝමෝන වල සිදුවන වෙනස් වීම් වලින්. නමුත් අපේ දරුවට ඕනවට වඩා මස් දීම නිසා අපි පිටතින් දැන් දරුවට හෝමෝන ඕනවට වඩා ලබා දීල තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ කලට වෙලාවට වෙන්න ඕනේ විපර්යාස හිතනවට වඩා කලින් වෙනවා. එක තමයි අර පොඩි දැරිය අවුරුදු 4 න් වැඩි විය පැමිණෙන්නේ.


ඒවිතරක් නෙමෙයි බලන්න අද සමාජය දිහා මේක මනුස්ස සමාජයක්ද? නැත්නං තිරිසන් සමාජයක්ද? ගොඩක් මිනිස්සු තිරිසන් වඩා නේද කරන්නේ, මිනි මරාගන්නවා, හොරකන් වැඩි වල තියෙනවා, ස්ත්‍රී දුෂණ වැඩි වෙලා තියෙනවා, පවුල් අවුල්වීම් ගොඩක්ම වැඩි වෙලා තියෙනවා. අපි බැලුවොත් ඇයි මේ හිටිගමන් මෙහෙම වෙනසක් වෙන්නේ? මේවා මේ අපිට ඇවිල්ල තියෙන්නේ තිරිසන් ගති ගුණ නේද? එකිනෙක මරා ගැනීම, අනුන්ගේ දේ හොරෙන් හෝ බලෙන් ගැනීම, දකින දකින පිරිමියා හෝ ගැහැණිය සමග සම්බන්දකම් පැවැත් වීම, අනෙක පාගා දමා බලය ලබා ගැනීමට උත්සහ දැරීම. අධික ලෙස මස් මාංස ආහාරයට එක කර ගැනීම තුල, එම මස් සමග සත්ව හෝමෝන, සත්ව ලේ, අපිරිසිදු විෂ ද්‍රව්‍ය ආදිය අපේ ඇගට ඇතුළු වීම තුල මේ විපර්යාසයන් සියල්ල සිදුවී ඇත. දැන් ඔබට තෙරුන් යයි මම ඇයි මේ ලිපියට "තිරිසන් ලේ සහ රාජ ලේ" කියල නම දැම්මේ කියල. මොකද අපි කිවුවට අපේ ඇගේ දුවන්නේ අපේ පරන්පරා ලේ, රාජ ලේ, නැත්නම් A , B , O වගේ කිවුවට අපිට ටිකක් තිතල බලන්න වෙනවා ඔය අතරේ හරක් ලේ, උරු ලේ, කුකුල් ලේ වගේ ලේ ජාතිත් තියෙන්න පුළුවන්. කාටවත් කියන්න පුලුවන්ද එහෙම නැහැයි කියල.
දැන් මේ ලගකදී ඉදන් ගොඩක් මිනිස්සු ක්ෂණික ආහාර වලට හුරු වෙලා, මස් මලු වැඩිපුර භාවිත කරන්න පටන් අරන්. මේවට ඉතින් විවුර්ත ආර්ථිකය වගේම අපේ TV , radio , පත්තර එහෙමත් වග කියන්න ඕනේ. මොකද අද ගොඩක් ගෘහණියෝ තමන්ගේ මනුස්සය කියන දේට වඩා TV , radio , පත්තරවල යන දේවල් පිලිගන්නවා නේ. මේක ඉතින් ගනු අයට විතරක් නෙමෙයි පිරිමි අයත් වැඩිදෙන එහෙමම තමා. එකේ හොදයි කියනකොට හෝ ගාල ගන්නවා, ඊට පස්සේ තව කවුරු හරි නරකයි කිවුවම එක අතරල තව එකකට යනවා. හැබැයි අපි හිතන්නේ නෑ මේ හැම එකක්ම ප්‍රචාරයන් විතරයි කියල. සමහර සමාගම් තියෙනවා එයාල කලින් හොදයි කියපු භාණ්ඩයාම එයාල අලුත් භාණ්ඩයක් වෙළද පොලට හඳුන්වා දෙනකොට, අර පරණ එක නරකයි කියල ප්‍රචාරය කරනවා. ඊට පස්සේ අපේ අය ඉතින් මුකුත් හොයන්නේ නැතුව අර පරණ නරක භාණ්ඩේම විකුනපු සමාගමේම අලුත් භාණ්ඩේ ගන්නවා කලින්ටත් වඩා සතුටින්. හැබැයි නියම විහිලුව කියන්නේ ඒ සමගම හොදටම දන්නවා කලින් භාන්දෙත් හොද නෑ, සමහර විට අලුත් භාන්දෙත් හොද නෑ කියල. මේක මම හරියටම දැන ගත්තේ මම අදුරන නෝනා කෙනෙක් ඉන්නවා එය ඔය ප්‍රචාරණ කළමනාකරුවකු හැටියට තමා ඉන්නේ, හැබැයි මේ ලගදි අපි දැක්ක එය ගන්නේ එය මර්කෙට් කරනා භාණ්ඩය නෙමෙයි කියල. ඉතින් මේක තමා ඇත්ත, හැබැයි හැම භාණ්ඩයම එහෙම නෑ. ටිකක් හිතල බලන්න ගොඩක් දැන්වීම් දානවා නං එකට හේතු දෙයක් තියෙන්න පුළුවන් එකක් ඇත්තටම ඒ සමාගමට තමන්ගේ වෙලදාම් වැඩි කරන්න ඕනේ හොද භාණ්ඩයක් වෙළද පොලට දාල, නැත්නම් කිසිම වැඩක් නැති භාණ්ඩයක් හුදු ලාබය තකා ප්‍රචාරණය විශාල වශයෙන් කිරීම තුල අධික ලබා ලැබීම. ඉතින් මම හිතනවා මේක කියවන ඔයාලට මේ දේ තෙරුන් ගන්න පුළුවන් තරඟ බුද්ධියක් තියෙනවා කියල. මේ දේවල් ප්‍රසිද්ධියේ පිළිනොගත්තත් තමුන් තනියෙම හරි හිතල බලන්න එතකොට එක එක පුත්ගලය හරි හරි මගට යයි.
තව පුංචි දෙයක් කියන්න තියෙනවා, එක තමයි දැන් අම්මල පුරුදු වෙලා තියෙනවා මස තුන හතරෙන් මවු කිරි නවත්තල ඔය එක එක අලුත් පිටි කිරි ජාති බිලිදාට දෙන්න.  නමුත් මේකෙන් වෙන්න පුළුවන් විනාසය මොකද්ද? දැනට පරීක්ෂණ වලින් ඔප්පුවෙලා තියෙනවා මවුකිරි නවත්තල, පිටි කිරි දීම තුල ළමුන්ගේ IQ හැකියාව ඉතාම දරුණු ආකාරයෙන් විනාස වෙනවා කියල. මවුකිරි වලින් 80-90% IQ හැකියාව දරුවට ලැබෙනවා නං හරක් කිරි එහෙම නැත්නං පිටි කිරි දීමෙන් IQ හැකියාව 1% නුත් 80 කොටසක් තරම් කුඩා ප්‍රමාණයක් තරම් අඩු වේ. දැන් මේ කරුණත් ඔබට ඉතාම හොදින් වැටහ ගන්න පුළුවන් නේද අද හුගක් කුඩා දරුවන්ට මේ තත්වය තිබෙනවා නේද? ඔවුන්ට එක දෙයක් කියල ඒ වගේම තව දෙයක් පොඩ්ඩක් වෙනස කරලා දුන්නත් කර ගන්න බෑ නේද? සමහර විට එක ප්‍රශ්නය නැවත නැවත ප්‍රශ්න පත්‍රයක ආවත් ඔහුට එම ප්‍රශ්නයට කුමක් කල යුතුද කියා වත් සිත ගත නොහැකි තරම් අසරණ තත්වයකට පත් වේ.
තවත් බොහෝ දේ මේ සම්බන්දව ලිවිය යුතුව ඇතත්, මෙතකින් නැවතීමට අදහස් කලේ මේ ලිය ඇති තරම ඔබට නැවත හිතන්නට ඕනෑ තරම් කරුණු කරනා ගෙන හැර දක්වන බැවිනි. එක් දෙයක් නම් කිවයුතුව ඇත එනම් අපේ රටේ යුද්දයෙන් මියගියාට වැඩ දස ගුණයකටත් වඩා ප්‍රමාණයක් අහර විෂවීම නිසා මියයනු ඇති බවට අනාවැකි පලවී තිබීමය. අද අපගේ සෞඛ්‍ය තත්වය ගැන සලක බැලීමේදී මෙය සත්‍යයක් වීම වැඩි ඇතක නොවන බව අපට සක්සුදක්ෂයේ පැහැදිලිය. අද ඉතාම කුඩා දරුවන්ට පවා දියවදියව, අධිරුදිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝග බහුල ලෙස පවතී. ඉතින් අපි ක්‍රියාත්මක වීමට කාලය එලබ ඇත කියා මම කියන්නේ එනිසය. මේ කියා ඇති කරනා ගැන නැවත කිහිප වරක් සිතන්න, එය කිසි දිනෙක ඔබට පාඩුවක් හෝ කාලය අපතේ යමක් නොවන බවට මම සහතික වෙමි.
මෙහි සදහන් සමහර කරනා, හුදෙක් මාගේ අදහස් නොවෙන අතර විද්වත් අදහස් ද මෙයට එක් කර ඇත. මෙහිදී මෙම ලිපිය ලිවිම සම්බන්ද ගෞරවය මම ලබා ගැනීමට අදහස් නොකරන අතර එම සැම ගෞරවයක්ම නිර්මංසා වීම හා අනුන් ඒ කෙරෙහි යොමු කරන්නන් හට අත්විය යුතුය. නමුත් මෙහි යම් කිසි වැරද්දක් ඔබ දකී නම් එය පෙන්වා දීමට කාරුණික වන්න. ඔබගේ අදහස් මම ඉතා අගේ කොට සලකන අතර වැඩිදුරත මේ සම්බන්දව පල කල යුත් කරුණු වෙතොත් මා දැන්ව එවන මෙන් ඉල්ලමි. එසේම මෙම නිර්මංසා වීමේ පණිවිඩය බොහෝ දෙනෙක් අතර පතුරවලන ලෙසත් මම කාරුණිකව ඉල්ලමි. මෙම ලිපිය නිරන්තර යාවත්කාලින කිරීමට භාජනය වන බැවින් මෙම වෙබ් අඩවියේ ලිපිනය හුවමාරු කර ගැනීමෙන් වැඩි පිරිසකට නිවැරදි පණිවිඩය ලබාදීමට හැකිය.
මේ වෙනුවෙන් ඔබත් එක් වන්න, සතියක් නිර්මංසා වේ සිටීමට උත්සහ කරන්න. ඔබට යම් වෙනසක් දැනේනම්, එම වෙනස ඔබට හොදක් වේ නම් එය ඔබේ එදිනෙද ජීවිතයට එක් කර ගන්න.

යාවත්කාලින කිරීම 2011-0916 08:42 AM
මට අද e-mail  එකල ඇවිත් තිබුන ඉතාම දුක්බර කතාවක් ගැන, "කඳුළු සැලූ ගවය" කියල. ඉතින් මට හිතුන එක මෙතන දාන එක හොදයි කියල. මම කිසිම වෙනස් කිරීමකින් තොරව ඒ රූප දෙක මෙතන දානවා, පොඩ්ඩක් කියවල බලන්න ඔයාලටත් කදුළු එන්නේ නැද්ද කියල. විශේෂ ස්තුතිය දිවයින පුවත් පතට සහ gossip9 වෙබ් අඩවියට. 


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...